Tuesday, December 31, 2013

2014 සුභ නව වසරක් වේවා!

හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.

කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.

Monday, December 30, 2013

පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතුද?

ගැටළුව:

වයස අවුරුදු 20ක් වන මාගේ ශිශ්නයෙහි පෙරසම ස්වල්පයකදු පසුපසට ගත නොහැක. එනම් ශිශ්න මුණ්ඩය දැක ගැනීමට පවා නොහැක. පෙරසමෙන් විවර වනුයේ ඉතා කුඩා සිදුරකි. මේ සඳහා සැත්කමක් කල යුතු බව වැටහේ. එම සැත්කම පිලිබඳ විස්තර බලාපොරොත්තු වෙමි.
1. හමු විය යුත්තේ කෙබඳු වෛද්‍යවරයෙකුද?
2.පෞද්ගලික රෝහලකින් සිදු කරගැනීමට සාමන්‍යයෙන් කොපමන මුදලක් වැය විය හැකිද?
3.රජයේ රෝහලකින් නම් කොපමන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුද?
4. සැත්කම වේදනාජනකද? වැයවන කාලය හා රෝහල්ගතව සිටිය යුතු කාලය?
5.එමගින් frenulum යන කොටස අහිමි වේද? එය විවාහ ජීවිතයට ප්‍රශ්නයක් වේද?
6. සැත්කමින් පසු තත්වය කෙබඳුද? කොපමණ කල් ප්‍රවේසම් විය යුතුද?

මේ පිලිබඳ ඔබ තුමන්ලාගේ ඉක්මන් ප්‍රතිචාරය අගය කරමි. ස්තූතියි.

ලහිරු 



පිළිතුර :
හිතවත් පාඨකය,

  1. මෙෙතක් කල් අප හට ලැබුනු පැහැදිලි ම ගැටළුව මෙයයි. ඒ පිළිබදව ඔබට ස්තුති වන්ත වෙමු. ඔබ මෞත්‍ර හා ලිංගේන්ද්‍රිය පිළිබද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.ඔහු බොහෝ විට ඔබව ශල්‍ය වෛද්‍ය වරයකු වෙත යොමු කරනු ඇත.
  2.  නිශ්චිතව කිව නොහැක.
  3. මේ සදහා පොරොත්තු ලේඛන නොමැත. වෛද්‍යවරයාගේ නිරීක්ෂණ යෙන් පසු සැත්කම කළ හැකිය.
  4. මදක් වේදනාකාරී විය හැකිය.මෙය සුළු සැත්කමකි. පැයකට අඩුකාලයක් ගතවන අතර හිරි වැට්ටවීමක් මගින් සිදුකරයි. බොහෝ විට එදිනම නිවස බලා යා හැකිය.
  5. ඔව්. ඇතැම් විට ඉවත් කිරීමට සිදුවේ. විවාහ දිවියට බාධාවක් නොවේ.
  6. සැත්කමින් පසු ශිෂ්න මුණ්ඩයේ සංවේදීතාව මදක් අඩුව්ය හැකිය. ඔබගේ ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.

Thursday, December 26, 2013

ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් !



ගැටළුව:

මාගේ ලිංගය ඉතා කුඩාය... දිගද අඩුය.. ප්‍රාණවත් වූ විට එහි දිග 4“ පමණ වේ මෙය විශාල කරගැනීමට කුමක් කළ යුතුද ?

උදාර 
පිළිතුර :

සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ප්‍රාණවත් ලිඟුවක් අඟල් 4 සිට 6 දක්වා පමණ වේ. ඔබගේ ශිෂ්ණය සාමාන්‍ය වේ. ඇත්තෙන්ම බොහෝ දෙනෙකු ශිෂ්ණය ඉතා විශාල වේ යැයි සිතති. එහෙත් අඩියක් පමණ දිග ලිංගයක් ඇතැයි සිතන්න. ගැහැණියකගේ යෝනි මාර්ගය අඩියක් පමණ දිග ඇත්දැයි ඔබ සිතනවාද? මිත්‍යා මත වලින් වැලකෙන්න. මිතුරන් පවසන දේ හෝ කාම චිත්‍රපට වල ඇති දෑ සමග ඔබගේ ලිංගය මැනබැලීමෙන් වලකින්න. මෙවන් ලිංගයක් තිබීම ඔබට දරුවකු සෑදීමට හෝ ලිංගික කර්තව්‍යයට කිසිදු බාධාවක් නොවේ.

මෙය විශාල කරගැනීමට පෙති හෝ යම් ක්‍රම වේද නැත. බොහෝ දෙනෙකු විවිධ ක්‍රම අත්හදා බැලුවද අවසානයේදී සිදුවනුයේ ශිෂ්ණයේ ඇති ව්‍යුහය හානි වීම හෝ වෙනස් වීම පමණි.