Tuesday, July 21, 2015

ක්ෂණික මොචනයද?

දැනට අප හට පිරිමි පාඨකයන්ගෙන් ලැබී ඇති ගැටළු ගත්කළ  එම ගැටළු වලින් බහුතරයක් අසා ඇත්තේ තමාට ඇත්තේ ක්ෂණික මොචනයද? හෝ තමාට තව බොහෝ වේලාවක් තම සහකාරිය සමග මෛථුන්‍යයේ යෙදෙන්නේ කෙසේද යන්නයි. මා එයට මෙසේ පිළිතුරු සපයන්නම්.

ඇත්තෙන්ම වෛද්‍යවරු නිර්ණය කරන ආකාරයට ක්ෂණික මෝචනය යනු ලිංගික මෛථුන්‍ය ක්‍රියාවලියේදී, යෝනි මාර්ගයට ලිංගිකව ඇතුළු කිරීමට පෙර හෝ ඇතුළු කිරීමෙන් මොහොතකට පසුව සිදුවන සුරාන්තයට පත් වීමයි. අපයෙන් අසා ඇති ගැටළු අනුව අපගේ පාඨක කිසිවෙකුට ක්ෂණික මෝචනය නැති බව සක්සුදක් සේ පැහැදිලි වේ. 

දෙවැන්න නම් බොහෝ වේලාවක් තම සහකාරිය සමග රැඳී සිටින්නේ කෙසේද යන්නයි. මෙයට මා විසින් විස්තරාත්මකව ලියන ලද ලිපියක් අන්තර්ගත වේ. මම එහි ලිනකුව නැවතත් ඔබ වෙත සපයන්නම් පිරිමින්ගේ සුරාන්තය

Friday, May 15, 2015

ගණිකා ඇසුරක් නිසා සිත් පීඩාවෙන්!

ගැටළුව

මම මීට සතියකට පමණ පෙර ගණිකාවක් ඇසුරු කළා. ඇය මාගේ ශිෂ්නය කටට අරන් ඉරුවා.
  1. එවැනි මුඛ සංසර්ගයකදී ලෙඩ බෝ වෙන්න පුළුවන්ද ?
  2. රෝගී වුවහොත් , රෝග ලක්ෂණ මතුවෙන්න කොපමණ කලක් ගත වේද?
෴නිරෝෂන්

පිළිතුර:

හිතවත් පාඨකය,


  1. ඔව් ලෙඩ බෝ වන්න පුළුවන්. ක්ලැමිඩියා, හර්පීස්, ගොනෝරියා,සිපිලිස්, වගේම එච්.අයි.වීද බෝ වීමේ අවධානමක් ඇත.
  2. එය ඔබගේ ශරීර සෞඛ්‍යය සහ රෝගය අනුව වෙනස් වේ. මුත්‍රා කිරීමේදි දැවිල්ලක්, නිතර කසන ගතියක්, මුත්‍ර මාර්ගයේ සැරව වැන්නක් හෝ සුළු තුවාල තත්වයක් ඇත්නම් වහාම ළඟම සිටිනා වෛද්‍යවරයකු හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන්න

Monday, February 16, 2015

තරුණ මට ඇති ගැටළුව

ගැටළුව :

සුබ දවසක් වේවා! මම ගොඩක් කල්පනා කළද , එක් එක් අයගෙන ඇසුවද, අද වන තෙක් විශ්වාසවන්ත පිළිතුරක් මට ලැබුනේ නැත. මම ඔබලාගේ සියලුම පෝසට් කියෙව්වා. එව්වා ඇත්තටම ගොඩක් පැහැදිලිව ඉතාමත් සාර්ථක ලෙස ලියා තිබුණා. ඉතින් මම හිතුවා ඔබලා මගේ ප්‍රශ්නය විසඳා ගැනීමට උදව් කරයි කියලා.


මට ගැහැනු ළමයෙකු සිටිිනවා. අපි දෙදෙනාගේ සම්බන්ධෙට දැනට මාස 7 විතර වෙනවා. අප දෙදෙනා මුල සිට කතා බහේ සිට කායික සම්බන්දතා දක්වා අපේ සම්බන්දය ශක්තිමත් කර ගත්තා. අප දෙදෙනා විවාහ වීමට තව අවුරුදු 5 පමණ තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරගෙන තියෙන්නේ විවාහ වන තුරු යෝනි සංසර්ගය සිදු නොකරන බවටයි.නමුත් අපි මාස 2-3 සැරයක් වෙනත් ලිංගික ක්‍රියා වල නිරත වෙනවා. පියොවුරු ස්පර්ශය, ෆින්ගරින්, මුඛ සංස්ගය වැනි ලිංගික ක්‍රියා සිදු කරනවා. කෙසේ නමුත් අපි අපේ සම්බන්ධතාව ශක්තිමත්ව පවත්වාගෙන යනවා.

මේකයි මගේ ප්‍රශ්නය....

1) අපි දෙදෙනා ලිංගිකව එකතු වීම සුදුසුද නැත්ද?

2) අපි විවාහ වීමට කලින් යෝනි සංසර්ගය සුදුසුද නැද්ද?

3) අපි දෙදෙනා මෙලෙස ලිංගිකව එකතු වීමේදී , කාලයක් ගතවන විට මට මාගේ පෙම්වතියද , පෙම්වතියට මාවද එපා වීම සිදු වෙයිද? අපේ සංවේදනා අඩු වෙලා යයිද? ඒ කියන්නේ මෙලෙස නිතර නිතරම ලිංගික ක්‍රියා වල යෙදීමේදී අප දෙදෙනාගේ සම්බන්ධය කැඩී යාමට කොපමණ සම්බාවිතාවක් තියෙනවද ?


මට විශ්වාසයි මට මගේ පෙම්වතියව කවදාවත් එපා වෙන්නේ නෑ කියල. ඒත් මට ස්ත්‍රී පක්ෂය පිළිබඳව වැඩි අවබෝධයක් නැහැ. ඒ නිසයි මට මෙලෙස බියක් දැනෙන්නේ මට මගේ පෙම්වතියව නැති වෙයිද කියලා. ඒ කියන්නේ මෙලෙස නිතර නිතරම ලිංගික ක්‍රියා වල යෙදීමේදී  ගැහැනු අය සිතන ආකාරය පිළිබඳව මට දැන ගැනීමට අවශ්‍යව ඇත.

මෙයට සුදුසු පිළිතුරක් ලබා දෙන්න.
දිනෙත්

පිළිතුර:

හිතවත් පාඨකය,

තරුණයකු වන ඔබ සතු මෙවන් ගැටළු සාධාරණ වේග එබැවින් ඔබ හට හැකි තරම් සහය වීමට උත්සහ කරමි.

  • ලිංගිකව එකතු වීම සුදුසුද නැත්ද? යෝනි සංසර්ගය සුදුසුද ?

ඔබ දැනටත් බාහිර වශයෙන් ලිංගික ක්‍රියාවන් සිදු කරයි. ඔබගේ පෙම්වතියට ඇති ආදරය නිසාම මෙලෙස බාහිරව හැසෙරන බව මා අනුමාන කරමි. කෙසේ වෙතත් ෆින්ගරින් කිරීම යෝනිය තුළ කරනවා නම් ඇයගේ කන්‍යා බාවය දැනටමත් අහිමි වී හෝ අහිමි වීමේ අවධානමක් පවතියි. කෙසේ වෙතත් ලිංගිකව එක්වීමේ ආදීනව දැනගෙන එක්වීම වඩා වටියි. ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ්‍රිත රෝග ආදී .... ලිංගිකව එකතු වීම හෝ නොවීම පෙම්වතුන් වන ඔබගේ තීරණයකි. නමුත් මා මෙයට මෙවන් අර්ථයක් දෙන්නම්. විවාහ වීමට සිටින්නේ නම් ලිහන්න තියෙන මල්ල ඔබල බලන එකේ තේරුමක් නෑනේ! නියම වෙලාවටම ලෙහල බලන්න.
  • අපි දෙදෙනා මෙලෙස ලිංගිකව එකතු වීමේදී , කාලයක් ගතවන විට මට මාගේ පෙම්වතියද , පෙම්වතියට මාවද එපා වීම සිදු වෙයිද? අපේ සංවේදනා අඩු වෙලා යයිද? ඒ කියන්නේ මෙලෙස නිතර නිතරම ලිංගික ක්‍රියා වල යෙදීමේදී අප දෙදෙනාගේ සම්බන්ධය කැඩී යාමට කොපමණ සම්බාවිතාවක් තියෙනවද ?

ඔබ ලිංගිකත්වය අරමුණු කරගෙනම සම්බන්ධතාවය පවත්වාගෙන යයි නම් කාලයාගේ ඇවෑමෙන් දුරස් වීමක් සිදුවිය හැකිය. එනමුදු ආදරය මුල් කොටගත් සම්බන්ධතාවක් මෙසේ වන්නේ නැත. බාහිර ලිංගික ක්‍රියා වලින් ඔබ දෙදෙනාම තෘප්තිමත් නම් සබඳතාව ශක්තිමත්ව ගෙන යා හැකිය. ඔබ ඖෂධ වර්ග බාවිතා නොකරන්නේ නම් හෝ ඔබට යම් යම් රෝගයන් නොමැති නම් මේ සංවේදනා හෝ ලිංගික ආශාවන් වල අඩුවක් නොවනු ඇත. දිනපතා මෙවන් ක්‍රියා නොකරන්න. මද කාලයක් ඈත්ව සිටින්න. එවිට ඔබ දෙදෙනා අතර නොදැනුවත්වම විශාල විභවයක් ඇති වනු ඇත. එවිට සිදුවන එකතු වීම් සබදතා ශක්තිමත් කරගැනීමට ඉවහල් වනු ඇත.

ක්ෂණික මෝචනයද ? (දිගු සාකච්ඡාවක්)

ගැටළුව:

මා වයස අවුරැදු 25 ක් වූ විවාහක තරැණයෙක් වෙමි. මා හට දැනට පවතින ක්ෂණික මෝචන තත්වය හේතුවෙන් මා ලිංගිකව එක්වීමේදී Delay Spray සහ Delay Condom වර්ග භාවිතා කරමි. 

1. මෙම Delay Spray සහ Delay Condom වර්ග භාවිතා කිරීම මගින් කල් ගතවීමත් සමග මට සහ මගේ බිරි‍දට අතුරැ ආබාධ ඇතිවිය හැකිද ඒ මොනවාද?
2. මෙමගින් අපට අවශ්‍ය වූ විටක දරැ ඵල ලබා ගැනීමට යම් බාධාවක් ඇතිවිය හැකිද?

විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙමි. 
නිර්නාමිකයි
කඩතුරාව:
ඔබ ක්ෂණික මෝචන තත්ත්වය යැයි හඳුන්වන්නේ කුමක්ද? වෛද්‍යවරයෙකු විසින් එය සහතික කරන ලදීද? මෙයට ඔබ පිළිතුරක් ලබා දුන හොත් මා හට ඔබට සහය වීමට පුළුවන.

පාඨකයා:

මගේ ගැටළු පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳ ඔබට ස්තුති වන්ත වෙමි. මට ක්ෂණික මෝචනය ඇති බව වෛද්‍යවරයෙකු විසින් සහතික කර නැත. නමුත් ලිංගිකව එක් වී විනාඩියක් වැනි කෙටි කාලයකදී ශුක්‍රාණු පිටවෙනවා! විනාඩියකට වඩා කිසිම වේලාවක එකතු වෙන්න බෑ. මාගේ පෙර පැනයන්ට පිළිතුරු ලබා දෙන්න. 

කඩතුරාව:
  • මෙම ඖෂධ වර්ග සම මත ආලේප කරන ස්ථානීය හිරිවැටීම් හෝ සංවේදනා අඩුකරන ආලේපන වේ. දැනට අතුරු ආබාධ නැතත් මේ ඖෂධ වර්ගවල අන්තර්ගතයෙහි ආසාත්මිකතා ඇතැම් අයට ඇති වීමට පුළුවන.
  • නැත.
ඔබ කොපමණ කලකට වරක් ලිංගිකව එකතු වෙනවාද? 

ඔබ ස්වයං වින්දනයේ යෙදීමට පුරුදුව සිටියානම් හෝ සිටිනව නම් ඔබට සුරාන්තයක් ලැබීමට කොපමණ කල් ගත වේද?


පාඨකයා :
මම මාසයකට වරක් ලිංගිකව එකතු වෙනවා. මගේ රැකියාවේ මාසකයට වරක් නිවාඩු ලැබෙන අතර එය දින පහක්(05). එම දින පහේදී මා ලිංගිකව එකතු වෙනවා. 

මම දැනට ස්වයං වින්දනයේ යෙදෙනවා. ස්වයං වින්දනයේදී විනාඩියකදී පමණ පිටවනවා!

කඩතුරාව:

පිළිතුර ලෙස PC මාංශපේශිය ව්‍යායාම කිරීමෙන් සුරාන්තය පාලනය කිරීමක් කළහැකිය. kadathura.info වෙබ් අඩවියේ මේ පිළිබඳ ලිපියක් ඇති. කියවා බලන්න.

ප.ලි : මාසයකට වරක් ලිිංගිකව එක්වීමේදී ඇති වන සංවේදනා වැඩි බැවින් මෙසේ ක්ෂණිකව මෝචනය වීමද ස්වභාවික තත්ත්වයකි. 

පාඨකයා :

මාංශපේශිය ව්‍යායාම කිරීමෙන් සුරාන්තය පාලනය කිරීමක් කල හැකි බව ඔබ විසින් මා වෙත දන්වා ඇතත් එය සිදු කරන ආකාරය පිළිබදව kadathura.info වෙබ් අඩවියේ සදහන් ලිපිය මා හට සොයා ගැනීමට නොහැකි විය. මේ සදහා මම ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමි.

කඩතුරාව:

මාගේ ලිපියෙහි මේ ව්‍යායාම පිළිබඳව සවිස්තරව ඇත. http://kadathura.info/

පාඨකයා :

මාගේ ගැටළු වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන්කර කඩිනමින් පිළිතුරැ ලබා දීම පිළිබදව මා ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ ලබා දුන් පිළිතුරැ වලින් මා සෑහීමකට පත්වන අතර බොහොමයක් ලිංගික ගැටළු අප සිතින් මවා ගත් ඒවා බව අවබෝධ කර ගතිමි.


විනාඩි 2 ක් වැනි කෙටි කාලයකදී සුරාන්තයට පත්වීමේ ගැටළුවට පිළියමක් ලෙස මා විසින් අත්හදා බලන ලද තවත් එක් පිළියමක් ඇත. මෙය ඔබගේ අවධානය සදහා යොමු කරමි.


පලමු ලිංගික එක්වීමේදී විනාඩි 2 ක් වැනි කෙටි කාලයකදී සුරාන්තයට පත් වුවද, සුරාන්තයට පත් වී විනාඩි 5 කින් පමණ පසු නැවත ලිංගිකව එක්වීමේදී වැඩි වේලාවක් එම කාර්යයේ යෙදිය හැකිය.

විවාහ වූ මට ඇති ගැටළුව

ගැටළුව :

මා අවුරැදු 25 ක් වන විවාහක තරැණයෙක් වෙමි. මීට පෙරද මා ඔබගේ උපදෙස් ලබාගෙන ඇත්තෙමි.

සාමාන්‍යෙයන් පිරිමි කෙනෙකුගේ පුරැෂ ලිංගයේ පෙරසම පසුපසට ඇදීමේදී නූලක් වැනි සියුම් සම් කොටසකින් ලිංගයේ කෙලවරට පෙරසම සවි වී තිබෙන බව මා දනිමි.

විවාහ වී ලිංගිකව එක්වීමේදී මෙම සියුම් නූල වැනි කොටස කැඩී පෙරසම සම්පූර්ණයෙන්ම පසුපසට කිරීමට හැකියාවක් ඇති වන බව මම අසා ඇත්තෙමි. (සාමාන්‍ය සමාජයේදී තරැණයන් විසින් නූල කැඩීම ලෙස හදුන්වන දෙය)

නමුත් මා දැනට විවාහ වී ලිංගිකව එක් වුවද තවමත් එම කොටස කැඩී නැත.

  • මෙයට මා කුමක් කල යුතුද?
  • සැත්කමක් මගින් එය කල හැකිනම් ඒ පිළිබද විස්තර?
  • වෙනත් පිළියම් ඇත්නම්? 

කාරැණිකව බලාපොරොත්තු වෙමි.

ගිම්හාන්

පිළිතුර

හිතවත් පාඨකය,

සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ බොහෝ දුර්මත මෙන්ම මිත්‍යාවන්ද පවතී. ඒවා තෝරා බේරා ගෙන පිළිගැනීම වඩාත් යහපත් වන්නේය.

  1. ඔබට ලිංගික එක්වීමට මෙය කිසිදු බාධාවක් නැතිනම් කිසිවක් නොකරන්න.
  2. සැත්කමක් කළ යුත්තේ ඔබට පෙර කියූ ලෙසම බාධාවක් ඇත්නම් පමණයි.
  3. වෙන පිළියම් කුමටද? ඔබගේ විවාහ ජීවිතය සතුටින් ජව සම්පන්නව තබාගන්න.