Wednesday, February 19, 2014

ස්වයං වින්දනය අහිතකරද ?

ගැටළුව:
ස්වයං වින්දනය අහිතකරද?
නිතර ස්වයංවින්දනය කරන අයෙක් එක වරකට පිටකරන ශුක්‍ර ධාතු ප්‍රමාණය ස්වල්ප බැවින් , දරුවකු බලාපොරොත්තුවෙන් එක්වීමකදී ස්වයං වින්දනයේ නොයෙදී කාලයක් සිටීම අවශ්‍යද ?
නිර්නාමිකයි-2014-02-17

පිළිතුර :

හිතවත් පාඨකය,

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැති බව වටහා ගැනීම නුවණැති දෙයකි. එයට ස්වයංවින්දනයද අයිති වෙයි. ස්වයංවින්දනයේ කිසිදු අහිතකරතාවයක් නොමැත.

කෙසේ වෙතත් නිපදවෙන ශුක්‍රාණු දින 4කින් පසු එහි ගුණාත්මක බව අඩුවීම සිදුවන බැවින් සතියකට දින 2ක් (දවස් අතර පරතරය අවමය 2 ක්) හෝ තුනක් ලිංගිකව එක් වීම හෝ ස්වයං වින්දනය හිතකර වේ. ඔබ මේ කිසිදු ක්‍රියාකාරකමක් නොකළද ශරීරයෙන් ශුක්‍රාණු විවිධාකාරයෙන් බැහැර කරන බවත් මතක තබා ගන්න (ස්වප්න මෝචනය ආදී ලෙස)  

ඔබගේ සියලු ගැටළු වලට පිළිතුරු ලැබුණි යැයි සිතමි