Friday, October 24, 2014

ස්වයං වින්දනයේදී ශුක්‍රාණු විදීමක් සිදු නොවේ

ගැටළුව :    

මා අවුරුදු 22ක තරුණයෙක්මි. ස්වයං වින්දනයේදී ශුක්‍රාණු විදීමක් සිදු නොවේ. ශුක්‍රාණු පිටවීම සිදු වන්නේ ඇසකින් කදුළු බිදක් එනව වගේ සෙමිනි. කරුණාකර පිලිතුරක් ලබා දෙන්න..

නිර්නාමිකයි


පිළිතුර

හිතවත් පාඨකය,

ඇතැම් විට ශුක්‍ර තරලය විදීමද ඇතැම් විට සෙමෙන් පිටවීමටද පුළුවන. ඔබට සැකයක් ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩා සුදුසු යැයි පවසමි.

Friday, October 3, 2014

පෙම්වතිය ගැබ් ගනියිද?

ගැටළුව :    

මා මාගේ Girlfriend සමග අනාරක්ෂිත ලිංගික එක්වීමක් sep 28 දින 2 pm ට පමණ සිදුවූවා.මුලදීම මා හට කොන්ඩමයේ ධාතු පහවුනු අතර පසුව විනාඩි 15-20කින් පසුව මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.මෙසේ විනාඩි 10 පමණ කාලයක් පමණ මා යෝනි මාර්ගය තබා සිටි අතර. ධාතු පිටවෙනවෙන්න තප්පර කිහිපයකට පෙර මාගේ ශිෂ්ණ නැවත එලියට ගන්න හැකි වුහ (කොන්ඩමයේ නොමැතිව) යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.


අප පෙර සුදානමට සේ postinor 2 පාවිච්චිකලා පළමු පෙත්ත sep 28 දින ලිංගික එක්වීම ට පෙර 1.30 pm පමණ පාවිච්චිකලා . 2 පෙත්ත sep 28 දින ලිංගික එක්වීම ට පසු 5 pm පමණ පාවිච්චිකලා .

දින 2 පසු ඇගේ urine සමග ලේ කැටියක් ගිය බව සදහන් කරා.
ඔසප් වීම දිනය 17 පමන වේ...

මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?

මාගේ වයස අවුරැදු 23 ක් වන අතර ඇයට 19 ක් වේ..

කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..

සංජිත්


පිළිතුර

හිතවත් පාඨකය,

ධාතු පහ වූ බවක් ඇය දැනගන්නේ කෙසේද? සුරාන්තයට පළමුව පිටවන දියරයෙහි (විශේෂයෙන් ම දෙවන වර) ශුක්‍ර තිබිය හැකි බව ඔබ නොදන්නේද? ඔබ තවමත් තරුණයි. ඇය වැඩිහිටියෙකු වූවා පමණයි. ජීවිතය පිළිබඳව ඇයට කිසිදු අත්දැකීමක් නැති බව ඔබට නොවැටහේද ? මෙයට වඩා ඔබට වගකීමක් දැරිය යුතු නොවේද? කෙසේ වෙතත් මූත්‍රා සමග ලේ පිටවීම සහ ගැබිණි බව පිළිබඳ සම්බන්ධයක් නැත. එය යම් විට මුත්‍ර ආසාදනයක් වීමටද පුළුවන. උපත් පාලන පෙති භාවිතා කළ නිසා සිත්තැවුල් ඇති කරගත යුතු නැත. කෙසේ වෙතත් මෙවන් හදිසි උපත් පාලන පෙති නිතර භාවිතයෙන් ආනාගතයේදී යම් කිසි අතුරු පළ විඳීමට සිදුවීමටද පුළුවන.