Tuesday, December 31, 2013

2014 සුභ නව වසරක් වේවා!

හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.

කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.

Monday, December 30, 2013

පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතුද?

ගැටළුව:

වයස අවුරුදු 20ක් වන මාගේ ශිශ්නයෙහි පෙරසම ස්වල්පයකදු පසුපසට ගත නොහැක. එනම් ශිශ්න මුණ්ඩය දැක ගැනීමට පවා නොහැක. පෙරසමෙන් විවර වනුයේ ඉතා කුඩා සිදුරකි. මේ සඳහා සැත්කමක් කල යුතු බව වැටහේ. එම සැත්කම පිලිබඳ විස්තර බලාපොරොත්තු වෙමි.
1. හමු විය යුත්තේ කෙබඳු වෛද්‍යවරයෙකුද?
2.පෞද්ගලික රෝහලකින් සිදු කරගැනීමට සාමන්‍යයෙන් කොපමන මුදලක් වැය විය හැකිද?
3.රජයේ රෝහලකින් නම් කොපමන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුද?
4. සැත්කම වේදනාජනකද? වැයවන කාලය හා රෝහල්ගතව සිටිය යුතු කාලය?
5.එමගින් frenulum යන කොටස අහිමි වේද? එය විවාහ ජීවිතයට ප්‍රශ්නයක් වේද?
6. සැත්කමින් පසු තත්වය කෙබඳුද? කොපමණ කල් ප්‍රවේසම් විය යුතුද?

මේ පිලිබඳ ඔබ තුමන්ලාගේ ඉක්මන් ප්‍රතිචාරය අගය කරමි. ස්තූතියි.

ලහිරු 



පිළිතුර :
හිතවත් පාඨකය,

  1. මෙෙතක් කල් අප හට ලැබුනු පැහැදිලි ම ගැටළුව මෙයයි. ඒ පිළිබදව ඔබට ස්තුති වන්ත වෙමු. ඔබ මෞත්‍ර හා ලිංගේන්ද්‍රිය පිළිබද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.ඔහු බොහෝ විට ඔබව ශල්‍ය වෛද්‍ය වරයකු වෙත යොමු කරනු ඇත.
  2.  නිශ්චිතව කිව නොහැක.
  3. මේ සදහා පොරොත්තු ලේඛන නොමැත. වෛද්‍යවරයාගේ නිරීක්ෂණ යෙන් පසු සැත්කම කළ හැකිය.
  4. මදක් වේදනාකාරී විය හැකිය.මෙය සුළු සැත්කමකි. පැයකට අඩුකාලයක් ගතවන අතර හිරි වැට්ටවීමක් මගින් සිදුකරයි. බොහෝ විට එදිනම නිවස බලා යා හැකිය.
  5. ඔව්. ඇතැම් විට ඉවත් කිරීමට සිදුවේ. විවාහ දිවියට බාධාවක් නොවේ.
  6. සැත්කමින් පසු ශිෂ්න මුණ්ඩයේ සංවේදීතාව මදක් අඩුව්ය හැකිය. ඔබගේ ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.

Thursday, December 26, 2013

ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් !



ගැටළුව:

මාගේ ලිංගය ඉතා කුඩාය... දිගද අඩුය.. ප්‍රාණවත් වූ විට එහි දිග 4“ පමණ වේ මෙය විශාල කරගැනීමට කුමක් කළ යුතුද ?

උදාර 
පිළිතුර :

සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ප්‍රාණවත් ලිඟුවක් අඟල් 4 සිට 6 දක්වා පමණ වේ. ඔබගේ ශිෂ්ණය සාමාන්‍ය වේ. ඇත්තෙන්ම බොහෝ දෙනෙකු ශිෂ්ණය ඉතා විශාල වේ යැයි සිතති. එහෙත් අඩියක් පමණ දිග ලිංගයක් ඇතැයි සිතන්න. ගැහැණියකගේ යෝනි මාර්ගය අඩියක් පමණ දිග ඇත්දැයි ඔබ සිතනවාද? මිත්‍යා මත වලින් වැලකෙන්න. මිතුරන් පවසන දේ හෝ කාම චිත්‍රපට වල ඇති දෑ සමග ඔබගේ ලිංගය මැනබැලීමෙන් වලකින්න. මෙවන් ලිංගයක් තිබීම ඔබට දරුවකු සෑදීමට හෝ ලිංගික කර්තව්‍යයට කිසිදු බාධාවක් නොවේ.

මෙය විශාල කරගැනීමට පෙති හෝ යම් ක්‍රම වේද නැත. බොහෝ දෙනෙකු විවිධ ක්‍රම අත්හදා බැලුවද අවසානයේදී සිදුවනුයේ ශිෂ්ණයේ ඇති ව්‍යුහය හානි වීම හෝ වෙනස් වීම පමණි.

Friday, November 15, 2013

ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?

ගැටළුව:

කරුණාකර මට කියන්න පුළුවන්ද , කොන්ඩම් නැතිව මාගේ පෙම්වතිය සමග සමග ලිංගිකව හැසිරෙන්න පුළුවන් දවස් මොනවද කියලා. ඔසප් වීම පටන් ගත් පසු කුමන දවස් වලද? 

ලක්ෂාන් 
පිළිතුර:

මෙම ගැටළුව සම්පූර්ණ නැති බැවින් මෙයට දෙයාකාරයකින් පිළිතුරු දිය හැකිය.

1. ඔබට ආරක්ෂිත ලෙස ගැබ් නොගැනීමට ලිංගිකව එකතු විය යුතු නම් ඔසප් වීමෙන් පසු පළමු දින 9 තුළදීත් , දින 15 පසුවත් ලිංගිකව එකතු විය හැක.

2. ඔසප් ඇරඹී රුධිර වහනය නතර වූ පසු ඕනෑම දිනයක කොන්ඩම් ඇතිව හෝ නැතිව ලිංගිකව එකතු විය හැකිය.

Thursday, October 24, 2013

විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය යුතුද ?

ගැටළුව : 

විවාහකයන් සතියට කොපමණ වරක් ලිංගිකිව එක් විය යුතුද ? මම සතියට වරක් පමණක් ලිංගිකව එකතු වෙමි. මෙය සාමාන්‍ය ද ?
මහේෂ් 

පිළිතුර:

මෙය අතිශයින්ම සාමාන්‍යයයි. විවාහ වූ අලුත බොහෝ දෙනා වැඩි වාර ගණනක් ලිංගිකව එකතු වෙති. එහෙත් පරිණත වත්ම සතියට එක් වරක සිට තෙවරක් දක්වා ලිංගිකව එකතු වෙති. මෙය ශාරීරිකව මානසිකව මෙන්ම ලිංගිකවද සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයකි. ඇතැම් අය මෙයට වඩා අඩු හෝ වැඩි වශයෙන් එකතු වීම් කරති. ඔබ ඔබගේ  ලිංගිකව එකතු වන ප්‍රමාණය වැඩි කිරීමට සිතනවා නම් සහකාරිය සමග සාකච්ඡා කොට එකඟතාවකට පැමි‍ණෙන ලෙස යෝජනා කරමි.

Wednesday, October 23, 2013

සමලිංගික හැගීම් නිසා විවාහ ජීවිතයට බාධාවක් ෙවයිද ?

ගැටළුව:

සමලිංගික හැගීම් නිසා විවාහ ජීවිතයට බාධාවක් ෙවයිද ? ඒම අාශාවන් නැති කළ හැකිද?

අසන්ෙනක්
 
 
පිළිතුර
 
සම ලිංගික හැඟිම් තිබීම විවාහ ජීවිතයට බාධාවක් ෙනාෙව්. අැතැම් විට ඒම අාශාවන් අැති වීම ස්වභාවික ෙදයකි. නමුත් ඔබ විවාහක නම් සමලිංගිකව හැසිරීම විවාහ ජීවිතයට සෘජුවම බලපායි. ඔබට ඒවා පාලනය කර ගත හැකිය. තම සිතුවිලි පිළිබදව අවධීෙයන් සිටින්න.


Friday, October 4, 2013

ක්ෂණික මෝචනය නිසා සිත් තැවුලක්....

ගැටළුව:

mama kshanika mochanaya nisa kalakireemen sitimi. mata mathaka kudaa kaalaye sitama swayan windanayedi itha ikmanin shukranu pita wei. den wiwaha wee sitimi. lingika ekathu weemakadi, swayan windanayatath wada ikmanin shukranu pitawei. birida sathutu kireemata in pasuwath karana namuth mata eya wedanawaki. lingaya athul kara winadi deka thunakata wada sitiya noheka. pilithurak balaporoththu wemi
මහේෂ් 

පිළිතුර:

හිතවත් පාඨකය ,

ස්වයං වින්දනය යෙදීම සහ ක්ෂණික මෝචනය අතර කිසිඳු සබඳතාවක් නැති බව කාරුණිකව අවධාරණය කරමි.
මෙහිදී ඇත්තෙන්ම ක්ෂණික මෝචනය යන්න කාලයෙන් මිනිය නොහැකි අතර ඇත්තෙන්ම තමාගේ සහකාරිය සුරාන්තයට පත් වීමට ආසන්නයේ හෝ සුරාන්තයට පත්වීමට පළමුව සුරාන්තයට පත්වීම ලෙස අරුත් දක්වයි.
ඇත්තෙන්ම මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය විනාඩි 2 සිට 10 දක්වා වෙනස් විය හැකි අතර කාන්තාවන්ගේ සුරාන්තය මෙයට වඩා දිගු වේලාවක් පවතී.
ඔබගේ ශිෂ්නය පමණක් ඇතුළු කිරීමෙන් සහකාරිය සන්තර්පනය කරන්නේ නම් මෙය සත්‍යය විය හැකිය. එම නිසා තම සහකාරිය සමග පෙර මෛථුන්‍ය (foreplay) ක්‍රියාවන්හි යෙදී ඇයව වරක් වත් සුරාන්තයට කැඳවාගෙන
යාමෙන් ඔබගේ ගැටළුවට මහත් වූ සහනයක් ලැබෙනු ඇත. තවද දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් දිගින් දිගටම ශිෂ්නය ඇතුළු නොකර මදක් නවත්වා , හාදු දී මදක් හිද නැවත ආරම්භ කිරීම හෝ දැනට භාවිත කරන ඉරියව්ව වෙනස් කිරීම හෝ කළ හැකිය.
මාගේ අනෙකුත් ලිපිද කියවා බලන්න. ඔබගේ තත්ත්වය ස්වභාවික වන අතර එහි ක්ෂණික මෝචන තත්තවයක් මා හට දුට නොහැකිය. මදක් ඉවසිලිමත් වන්න.෴

Friday, September 27, 2013

ස්වයං වින්දනය නිසා දණහිස් වේදනාවක් .........

ගැටළුව :

මම දිනකට වරක් හෝ දෙවරක් ස්වයං වින්දනයේ යෙදේ  ලගකදී සිට මගේ දණහිස් වෙදනාවක්  ඇතිවේ එය ඇති වෙන්නේ ස්වයං වින්දනයේ යෙදෙන විටය .. මෙයට හේතුව ස්වයන් වින්දනයේ දීමද ..  ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නෙමු .
නිපුන් 

පිළිතුර :
මෙය විය හැකි හේතුවකි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මෙය සනාථ කර නැති නමුත් පෙරදිග වෛද්‍ය විද්‍යාවේදී තමාගේ ලිංගික ශක්තිය නිකරුණේ නාස්තිය මෙවන් සංකූලතා වලට පාර කපයි. මෙම පුරුද්ද අත හැර ගැනීමට කටයුතු යොදන්නේ නම් මැනවි. මද කලක් ස්වයං වින්දනෙය් යෙදීමෙන් වැලකී බලන්න. මෙම සංකූලතා පහව යයි නම් ස්වයං වින්දනය නිසැක ම හේතුව විය හැකිය. මදක් බණ භාවනා වලටද සිත යොමු කරන්න.

ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා

ගැටළුව :
 ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා(තෙල් බින්දු වගේ ඒව) ගැවුනත් ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්ද?
ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම සාර්තකද. සරු කාළය මග ඇරල ? 
පසන් 

පිළිතුර : 

නැත. ඇත්තෙන්මමේවා ලිහිසිකාරක‍ වේ. ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම ඒතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.

ගැටළුව :

පිළිතුරු ඉක්මනින් ලබා දීමට ගොඩක් ස්තුතියි. අසාරතක ඇයි.පිරිමින්ටත් ලිහිසිකරක පිට වෙනවද. කොන්ඩම් හැර වෙනත් විකලපයක් නැද්ද. මගේ පෙම්වතියට නිකන් දානව වගේ සතුටක් නැතිලු කොන්ඩම් දැමීමෙන් :( 
පසන් 

පිළිතුර : 

අසාර්ථක වනුයේ ඔබට බොහෝ විට ශුක්‍ර පිටවීම පාලනය නොකළ හැකි බැවිනි. ඔබට පළමු සුරාන්තයට පෙර ශිෂ්නය පිටතට ගත හැකි නම් ගැබ් ගැනීමේ අවදානම අඩු කර ගත හැකිය .තවද , ඔව් පිරිමින්ගේද මෙවන් ලිහිසි කාරක පිට වේ. මෙහි මුඛ්‍ය අරමුණ වනුයේ මුත්‍ර මගින් ඇතිවන්නා වූ අම්ල ගතිය අඩුකර දැමීමයි. ඔබ දරුවකු බලාපොරොත්තු නොවන්නේ නම් අමතර ආරක්ෂක පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතයට උපදෙස් දෙමි.

Tuesday, July 9, 2013

මාගේ පෙම්වතිය ගැබ් ගනියිද ?

ගැටළුව:

මම මගේ පෙම්වතිය සමඟ ලිංගික වින්දනයක යෙදුනි.නමුත් මගේ ශිෂ්නය යොනිය තුලට ඇතුල් නොකෙරෙමි නමුත් එහි ඇතුල්ලුවා.මට ඇති ප්‍රශ්නය මෙයයි මෙමගින් ගැබ් ගැනීමක් ඇති විය හැකිද

එසේ ඇතුල්ලුවට කමක් නැද්ද
කිසිම උපත් පාලන ක්‍රමයක් බාවිතා කලේ නෑ

෴සමන්෴
පිළිතුර :


හිතවත් පාඨකය ,
ඔබ මෙම ප්‍රශ්නය ඇසීම ගැන බොහෝ ස්තුති වන්ත වෙනව. ඔබ පෙම්වතිය සමග ලිංගිකව හැසිරුනේ පළමු වතාවටද? ඔබට ධාතු පහවුනිද? මෙම ප්‍රශ්න වලට කඩිනමින් පිළිතුරු ලබා දුන හොත් මා ඔබට පිහිට වන්නම්.

ගැටළුව 2 කොටස :
මම යොනි විවරය තුලට ශිෂ්ණය ඇතුල් කර නොමැත.පසුව ඇය අතින් පිරිමැද ධාතු වෙනත් තැනකට පිට කලා 

පිළිතුර :

හිතවත් පාඨකය , 
බිය විය යුතු නැත. නමුත් ඇතිල්ලීමට පෙර ධාතු පිටවූයේ නැති නම් ඔබගේ පෙම්වතිය ගැබ් ගැනීමට කිසිදු හේතුවක් නැත. අනියත බියක් නොගන්න.නමුත් මෙයට වඩා මඳක් වගකීමෙන් ක්‍රියාකාරකම් කිරීමට උපදෙස් දෙමි.

Monday, June 17, 2013

පෙරසම පිළිබඳ ගැටළුවක්

ගැටළුව:

මම කසුන්.. පිළිතුර දීමේදී නම පාවිච්චි කලාට කමක් නෑ.. මම තවම ලිංගිකව එකතු වෙලා නෑ.. මගේ වයස අවුරුදු 25යි.. මම තව මාස 4කින් විවාහ වෙන්නයි ඉන්නේ.. මගේ ප්‍රශ්නය මගේ පුරුශ ලිංගයේ පෙර සම පස්සට කිරිමට නොහැකි වීම.. පුරුෂ ලිංගය ප්‍රාණවත්ව නොමැති අවස්ථාවලදී මම පෙර සම පිටිපස්සට කරලා තියෙනවා.. නමුත් ගොඩාක් තදයි පිටිපස්සට කරද්දි.. එහෙම පිටිපස්සට කරලා තියෙන වෙලාවට ප්‍රාණවත් උනොත් අධික වේදනාවක් එනවා.. ප්‍රාණවත් වෙලා තියෙන වෙලාවට පෙර සම පිටිපස්සට කරන්න කොහොමවත් බෑ.. ගොඩාක් ලොකු වේදනාවක් එනවා.. වෙඩින් එකෙන් පස්සේ ලිංගිකව එක් වීමේදී මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මට.. මේකට "නූල කැඩිලා නෑ" කියලා මගේ හොදම මිත්‍රයෙක් වෙන මාතෘකාවක් ගැන කතා කරන ගමන් කිව්වා.. ඒක ස්වභාවික කැඩෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් තියේද? මට මේක ලොකු මානසික ගැටලුවක් වෙලා තියෙන්නේ.. මමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩුයි ලිංගිකත්වය ගැන කතා කරනවා.. පවුල් සැලසුම් කරනවා.. නමුත් ඒ අතරෙදි අපි ලිංගිකව තෘප්තිමත් වෙන විදි ගැනත් කතා කරනවා. මේ ප්‍රශ්නය නිසා එයාව තෘප්තිමත් කරන්න මට බැරි වෙයි කියලා මට ලොකු බයක් තියෙනවා.. කරුණාකර පිළිතුරක් දෙන්න..

පිළිතුර:

හිතවත් කසුන්,
ඔබ හොද සහකරුවකු වන බව මා හට විශ්වාසයි. නමුත් ඔබගේ යහළුවාගේ ලිංගික අධ්‍යාපනය මට්ටම පිළිබඳව මා හට නම් සෑහීමකට පත් විය නොහැක. මාගේ උපදේශය නම් තමාගේ ලිංගික ගැටළු ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඇති අයකු සමග කතා කොට පිළියම් ලබාගන්නා ලෙසයි. අද සමාජයේ බොහෝ විට මෙවැනි වැරදි උපදේශ තුළින් මානසික අසහනයට පත්වන අය අපමණයි. කෙසේ වෙතත් ඔබට ඇති වී තිබෙන තත්ත්වය ෆිමෝසිස්  (Phimosis)  හෙවත් පෙර සමෙහි සිදුර කුඩා වීම යනුවෙන් හඳුන්වනු ලබයි. මෙය උපතින් ඇති වන තත්ත්වයක් වන අතර මෙය සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී ඔබට කළ හැකි ප්‍රතිකර්‍ම කිහිපයක්ම තිබෙනවා.
1. EasyGlide වැනි ලිහිසි කාරකයක් ගෙන එය හොදින් ප්‍රාණවත් ලිඟුවේ ගා සෙමෙන් සෙමෙන් පසු පසට කරන්න. (දිනපතා). මෙවිට පෙරසමෙහි ඇදීමක් කාලානුරූපීව සිදුවේවි. මෙය කල්ගතවන ක්‍රියාවක්.
2. පෙරසමෙහි සිදුර විශාල කරන සුළු සැත්කමක් සිදු කිරීමෙන් ඉහත තත්ත්වය සම්පූර්ණයෙන් මගහරවා ගත හැක. (පැය කිහිපයකින් ගෙදර යා හැක - රෝහල් ගත වී සිටීමට අවශ්‍ය නැත)

Thursday, June 13, 2013

මගේ ලිඟුවේ කලකට වරක් සැරව බිබිලි

ගැටළුව :

මා හට ගැටලු කීපයක් ඇත. මාගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව කාලයකට වරක් වියලිවී හම යන තත්වයක් දක්නට ඇත. මෙය රෝගයක්ද? පසු ගිය දිනක මා ලිංගිකව එක්වු පසු මාගේ ශිස්ණයේ සැරව බිබිලි වැනි කුඩා බිබිලි ඇතිවී ඇත. මෙය යම්කිසි රෝගයක් නිසා ඇති වූ දෙයක්ද?  

තාරක
පිළිතුර

තාරක,
ඔබගේ ගැටළුවේ බොහෝ දෝෂ ඇත. තව දුරටත් විස්තර කරන්නේ නම් පැහැදිළි පිළිතුරක් ලබා දිය හැකිය. තවද ඔබ එක් සහකාරියක් පමණක් ඇසුරු කරන්නේදැයි යන්නද සඳහන් කර එවන්න

ගැටළුව :

දැනට බොහෝ කාලයකට පෙර මාගේ ශිෂ්ණයේ යට පැත්තේ කුඩා සුදු පැහැ අලුහමක් වැනි ලපයක් ඇතිවුනු  අතර පසුව එය කාලයත් සමග ව්‍යාප්ත වී මුලු ශිෂ්ණයේම යට පැත්ත සුදු පැහැයට හැරැනි. එසේ වුනු කොටසින් සති කීපයකට වතාවක් හමයන ගතියක් පෙනෙන්නට ඇත. එයින් වුනු වෙනයම් ආබාධයක් දක්නට නොමැත. මා ඇසුරැ කෙරෑයේ එක් කාන්තාවක් පමනි. ඇය මාගේ පෙම්වතියයි. 

                                                                                                                                                        තාරක
පිළිතුර

තාරක,
මෙය බොහෝ දුරට දිලීර ආසාදනයක් වීමට පුළුවන්. Candid-B වැනි දිලීර නාශක ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. නිතර පිරිසිදු යට ඇදුම් ඇඳ ලිංගාශ්‍රීත පෙදෙස වියළිව තබා ගැනීමට කටයුතු කරන්න. මදක් සුව වන තුරු ලිංගිකව එකතු වීමෙන් වලකින ලෙස උපදෙස් දෙමි. මන්ද ඔබගේ සහකාරියටද මේ දිලීරය ආසාදනය විය හැකි බැවිනි. 

අලුත විවාහ වූ මට ඇති ගැටළුව

Question :

Mama viwaha wela denta sathiyak pamana wenawa. mage swamiya samaga mama thawamath lingikawa ekathu wela nehe. palamu dina rathriye ohu lingikawa ekathuwenna uthsaha deruwa. ohuge linguwa yoniyata demimedi loku wedanawak yoni pradeeshayen awa. mama ohuwa e welawe newethtuwa.. newatha wenath iriyauwakin ese ekathuwimata uthsaha gaththa e awasthawedith ee deyama sidu una.. mata meya mahath wada dena getaluwak wela thiyenne. ohu mata bena wadinawa . namuth ee denena wedanawath samaga mata lingika ekathu wimata noheki. mata meyata pilithurak labadenamen illasitinawa.
 
Gall - Chanaki

Answer :

Hithawath Chanaki,

Obata athi wee athi getaluwa alutha wiwaha wu kanthawan athara mahath wu sulaba thathwayak. Mamath mage birida samaga lingikawa ek wu dinayeda me ayurinma sidu wuna. Meya athishayenma samanya deyak. Namuth obata samajaya wisin hithata athulu kara athi adahas nisa meya dedi lesa denenawa wennata puluwan. Obage swamiya samaga sakachcha kara balanna. Nethi nam oba madak ihil weeme wyayama wala yedenna. Bawana krama ho yogasana madak puhunu karanna. Oba swamiya samaga sathutin lingika ek weemak manasin dakinna. Thawaduratath mema thathwaya pawathinawanam newaththat ma wetha getaluwa yomu karanna

අනාරක්ෂිත ලිංගික එක්වීමක්

ගැටළුව:
මා මාගේ මිතුරියක් (Girlfriend නොවේ) සමග නොසිතු ලෙස කලින් සැලසුම් නොකල අනාරක්ෂිත ලිංගික එක්වීමක් ජූනි 2 දින පෙරවරැ 1ට පමණ සිදුවූවා.මුලදීම මා හට ඇද සිටි කලිසමේම ධාතු පහවුනු අතර පසුව (විනාඩි 15-20කින් පසුව) මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.ඒ වන විට මාගේ ශිෂ්ණයේ ධාතු නොවු බව මගේ මතකය වේ.මෙසේ වැඩිවේලාවක් (විනාඩි 2-3 පමණ කාලයක් පමණ) මා යෝනි මාර්ගය තුල එය තබා නොසිටි අතර යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.
නමුත් පසුව ඇතිවුණු සැකය හේතුවෙන්  postinor 2 පාවිච්චිකලා. පළමු පෙත්ත ජූනි 2 දින (එදිනම) පෙරවරැ 10.30ට (පැය 9.30 කට පමණ පසු) ගත් අතර දෙවන පෙත්ත එදිනම පස්වරැ 10ට (පැය 11.30 කට පමණ පසු) ගත්තා.
ඇගේ ඔසප් වීම සිදුව ඇතිතේ මැයි මස 29 දිනයි.එනම් මෙම සිදුවීමට දින 3කට පෙරයි.මා ඇය සමග එක්වන දිනයේද ඔසප් වීම සිදුවෙමින් තිබුන බවට (නමුත් එහි ලේ තිබුනේ නැත) ඇය දන්වා සිටියා.
මාගේ වයස අවුරැදු 30ක් වන අතර ඇයට 27ක් වේ.මෙය මාගේ පළමු ලිංගික එකතු වීමද වේ.
01. මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?
02. ඊට පෙර මා හට කල හැකි යමක් වේද?
03. ඇයගේ මීලග ඔසප් වීම සලකා බලා postinor 2 අසාර්ථක නම්, කල හැකි වෙනත් යමක් වේද?            
කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..
නිර්නාමිකයි-2013-06-05

පිළිතුර :

හිතවත් පාඨකය,

මා දන්නා තරමින් ඔබට අන්වීක්ෂීය හැකියාවක් ඇති බවක් නැති බව පැහැදිලිය. එබැවින් ඔබ දාතු ශිෂ්ණයේ දාතු නොතිබූ බව සහතික කරන්නේ කෙසේද? දාතු යනු සුදු පැහැ දියරයම නොවේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික එක්වීම් අවධානම් බව මතක තබා ගන්න. ඔබගේ මිතුරිය හදිසි උපත් පාලන පෙති නියමිත අයුරින් භාවිත කර ඇති බව පෙනේ. එබැවින් බිය වීමක් සිදුවිය යුතු නැත. ඔසප් වීමෙන් දින 12-16ත් අතර සිදුවන ලිංගික එකතු වීම් වලින් ගැබ් ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සලකන්න.
01. නැත
02. කළ හැකි දේ දැනට ප්‍රමාණවත් වේ.
03. මීළඟ ඔසප් වීම සිදුනොවුනතින් , ඔබ දෙපළට අනේක වාරයක් උණුසුම් සුභ පැතුම්!!

වැඩි දැනුම සඳහා http://kadathura.blogspot.com/2013/04/blog-post.html ලිපිය කියවන්න.

ගැටළුව:

වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමක් සම්බන්ධව..
මා ඉහත සදහන් කල පරිදි අප එක්වන දින වන විට ඇගේ ආරම්භක ඔසප් දිනය වන (29 දින) පසුවී දින 3ක් පමණ ගතවී තිබිණි.ඒ වන විටද එය සිදුවන බව ඇය පැවසුවද අප එක්වන මොහොතේදී මා එවැන්නක් දුටුවේ නැත.පසු දිනද ඇය සනීපාරක්ෂක තුවායක් පැළද සිටිනු මා දුටුවා.
01. ඔබ සදහන් කර ඇති දින දින 12-16ත් අතර කාල සීමාවට මෙම එක්වීම හසුනොවන බව මගේ අවබෝධයයි.මෙය නිවැරදිද?(හැකිනම් කෙටි හෝ පැහැදිලි කිරීමක් කරන්න)
02. ඇගේ මීලග ඔසප් දිනය සිදුවිය යුතුතේ 26 වන දිනද?
03. මෙය කොපමණ කාලයක් ප්‍රමාද වුවහොත් ගැබ් ගැනීමක් සිදුවේ යැයි සිතිය හැකිද?
                                                                                                                          නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :

හිතවත් පාඨකය,

01. ඔබ නිවැරදියි. සාමාන්‍ය වශයෙන් ගර්භාෂ බිත්තිය බිඳ වැටී නැවත සකස් වීමට දින 12-14 අතර කාලයක් ගත වන අතර ඉන් පසුව ඩිම්බයක් පිටවීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණුවක් දින 3-5 අතර යෝනි මාර්ගය තුළ සක්‍රියව පවතියි. 

02. 26ත් 01ත් අතර සිදුවිය යුතුය.

03. ඔසප් වීම නතර වුවහොත් ගැබ් ගැනීම් පරික්ෂණයක් කරගන්න. 

ලිංගික එක් වීමේදී වේදනාව............

ගැටළුව :
 මා ලිංගිකව මාගේ සැමියා සමග එකතු වන විට මාගේ යෝනි ප්‍රදේශයේ පිච්චෙනවා සේ දැනීමක් ඇති වේ. තවද මා විවාහ වූයේ දැනට මාස කිහිපයකට පෙරදිය. මේ පිළිබද සැමියාට පවසා සිත රිදවීමටද වුවමනාවක් නැත.මා හට දරුවකු පිළිසිද ගැනීමට අවශ්‍යතාව තදින්ම පවතී. මා කියවා ඇති පරිදි ආයුර්වේදයේ මේ සදහා දින සහ පැති සදහන් කොට ඇත. මේ පිළිබද  උපදෙස් දෙන්නේ නම් වටිනේය.
කලුතරින් රශ්මි

පිළිතුර : 

අපගේ පළමු පාඨක ගැටළුව ඉදිරිපත් කිරීම ගැන රශ්මි මහත්මියට පළමුව ස්තුති වන්ත වෙමු. ඔබ‍ගේ පළමු ගැටළුවට මා පුළුල් පිළිතුරක් ලබා දෙන්නම්. මෙවැනි දැනීමක් ඇති වීමට පළමු හේතුව නම් යෝනි මාර්ගයේ ලිහිසි ස්වභාවය නැති වීමයි. මෙයට විවිධ හේතු බලපෑ හැකිය. ඔබ ලිංගිකව උත්තේජනය වීමේදි යෝනි මාර්ගයේ සැලකිය යුතු ලෙස තෙත් ස්වභාවයක් නොපවතී නම් ඔබ හට ජල පාදක ලිහිසි කාරකයක් ( Water based lubricant ) භාවිතා කළ හැක. දැනට ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනයෙන් බෙදා හරින Easy Glide  නමැති නිශ්පාදනය භාවිත කරන්න. ඔබගේ ගැටළුවේ දක්වා ඇති පරිදි ඔබ පවුල් සැලසුම් ක්‍රම භාවිතා නොකරන බවක් පෙනේ. නමුත්  කොන්ඩම භාවිතා කරන්නේ නම් ලිහිසි කාරකයක්  භාවිතා කරන්නේ නම් මෙම සංකුලතාවය මගහරවා ගත හැක. තවත් එක් හේතුවක් වනුයේ ඔබ ලිංගික එකතු වීමකට හා වේදනාවකට බයක් දැක්වීමයි. එවිට ඔබගේ යෝනියේ හා ඒ අවට මාංශපේශින් දැඩි වී ලිංගික කාර්යය අසීරු සහ අප්‍රියජනක අත්දැකීමක් වනු ඇත. ඔබ සැමියාට බොහෝ ආදරයක් ඇති බවක් හැගේ . එබැවින් මේ පිළිබද නිස්කලංකව කතා කොට මෙම සුලු  ගැටළුව විසදා ගැනීමට යොමු වන්න. 
දරු පිළිසිද ගැනීමකට අනිවාර්යයෙන්ම නිවැරදි දිනය පිළිබද අවබෝධයක් තිබිය යුතුය. ඔබගේ ඔසප් වීම නිසි ආකාරයෙන් රටාවකට සිදුවේ නම් , ඔසප් වීමට නියමිත දිනයට දින 14 කට පෙරදී ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවේ. එනම් ඔසප් වීමට නියමිත දිනයට දින 16ත් 12ත් අතර මැදදී ලිංගික එකතුවීම අනිවාර්ය වේ.
 ලිංගික එකතුවීමේදී දරු පිළිසිද ගැනීමකට සාර්ථක ඉරියව් කිහිපයක් නම් , 
  1. මිශනාරි ඉරියව්ව
  2. පිටුපසින් එකතු වීමේ  ඉරියව්ව (rear entry)
ආදිය වේ. මේ පිළිබද අපගේ පෙර ලිපි වල පළවී ඇති දෑ කියවා බලන්න.