Monday, June 17, 2013

පෙරසම පිළිබඳ ගැටළුවක්

ගැටළුව:

මම කසුන්.. පිළිතුර දීමේදී නම පාවිච්චි කලාට කමක් නෑ.. මම තවම ලිංගිකව එකතු වෙලා නෑ.. මගේ වයස අවුරුදු 25යි.. මම තව මාස 4කින් විවාහ වෙන්නයි ඉන්නේ.. මගේ ප්‍රශ්නය මගේ පුරුශ ලිංගයේ පෙර සම පස්සට කිරිමට නොහැකි වීම.. පුරුෂ ලිංගය ප්‍රාණවත්ව නොමැති අවස්ථාවලදී මම පෙර සම පිටිපස්සට කරලා තියෙනවා.. නමුත් ගොඩාක් තදයි පිටිපස්සට කරද්දි.. එහෙම පිටිපස්සට කරලා තියෙන වෙලාවට ප්‍රාණවත් උනොත් අධික වේදනාවක් එනවා.. ප්‍රාණවත් වෙලා තියෙන වෙලාවට පෙර සම පිටිපස්සට කරන්න කොහොමවත් බෑ.. ගොඩාක් ලොකු වේදනාවක් එනවා.. වෙඩින් එකෙන් පස්සේ ලිංගිකව එක් වීමේදී මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මට.. මේකට "නූල කැඩිලා නෑ" කියලා මගේ හොදම මිත්‍රයෙක් වෙන මාතෘකාවක් ගැන කතා කරන ගමන් කිව්වා.. ඒක ස්වභාවික කැඩෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් තියේද? මට මේක ලොකු මානසික ගැටලුවක් වෙලා තියෙන්නේ.. මමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩුයි ලිංගිකත්වය ගැන කතා කරනවා.. පවුල් සැලසුම් කරනවා.. නමුත් ඒ අතරෙදි අපි ලිංගිකව තෘප්තිමත් වෙන විදි ගැනත් කතා කරනවා. මේ ප්‍රශ්නය නිසා එයාව තෘප්තිමත් කරන්න මට බැරි වෙයි කියලා මට ලොකු බයක් තියෙනවා.. කරුණාකර පිළිතුරක් දෙන්න..

පිළිතුර:

හිතවත් කසුන්,
ඔබ හොද සහකරුවකු වන බව මා හට විශ්වාසයි. නමුත් ඔබගේ යහළුවාගේ ලිංගික අධ්‍යාපනය මට්ටම පිළිබඳව මා හට නම් සෑහීමකට පත් විය නොහැක. මාගේ උපදේශය නම් තමාගේ ලිංගික ගැටළු ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ඇති අයකු සමග කතා කොට පිළියම් ලබාගන්නා ලෙසයි. අද සමාජයේ බොහෝ විට මෙවැනි වැරදි උපදේශ තුළින් මානසික අසහනයට පත්වන අය අපමණයි. කෙසේ වෙතත් ඔබට ඇති වී තිබෙන තත්ත්වය ෆිමෝසිස්  (Phimosis)  හෙවත් පෙර සමෙහි සිදුර කුඩා වීම යනුවෙන් හඳුන්වනු ලබයි. මෙය උපතින් ඇති වන තත්ත්වයක් වන අතර මෙය සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී ඔබට කළ හැකි ප්‍රතිකර්‍ම කිහිපයක්ම තිබෙනවා.
1. EasyGlide වැනි ලිහිසි කාරකයක් ගෙන එය හොදින් ප්‍රාණවත් ලිඟුවේ ගා සෙමෙන් සෙමෙන් පසු පසට කරන්න. (දිනපතා). මෙවිට පෙරසමෙහි ඇදීමක් කාලානුරූපීව සිදුවේවි. මෙය කල්ගතවන ක්‍රියාවක්.
2. පෙරසමෙහි සිදුර විශාල කරන සුළු සැත්කමක් සිදු කිරීමෙන් ඉහත තත්ත්වය සම්පූර්ණයෙන් මගහරවා ගත හැක. (පැය කිහිපයකින් ගෙදර යා හැක - රෝහල් ගත වී සිටීමට අවශ්‍ය නැත)

Thursday, June 13, 2013

මගේ ලිඟුවේ කලකට වරක් සැරව බිබිලි

ගැටළුව :

මා හට ගැටලු කීපයක් ඇත. මාගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව කාලයකට වරක් වියලිවී හම යන තත්වයක් දක්නට ඇත. මෙය රෝගයක්ද? පසු ගිය දිනක මා ලිංගිකව එක්වු පසු මාගේ ශිස්ණයේ සැරව බිබිලි වැනි කුඩා බිබිලි ඇතිවී ඇත. මෙය යම්කිසි රෝගයක් නිසා ඇති වූ දෙයක්ද?  

තාරක
පිළිතුර

තාරක,
ඔබගේ ගැටළුවේ බොහෝ දෝෂ ඇත. තව දුරටත් විස්තර කරන්නේ නම් පැහැදිළි පිළිතුරක් ලබා දිය හැකිය. තවද ඔබ එක් සහකාරියක් පමණක් ඇසුරු කරන්නේදැයි යන්නද සඳහන් කර එවන්න

ගැටළුව :

දැනට බොහෝ කාලයකට පෙර මාගේ ශිෂ්ණයේ යට පැත්තේ කුඩා සුදු පැහැ අලුහමක් වැනි ලපයක් ඇතිවුනු  අතර පසුව එය කාලයත් සමග ව්‍යාප්ත වී මුලු ශිෂ්ණයේම යට පැත්ත සුදු පැහැයට හැරැනි. එසේ වුනු කොටසින් සති කීපයකට වතාවක් හමයන ගතියක් පෙනෙන්නට ඇත. එයින් වුනු වෙනයම් ආබාධයක් දක්නට නොමැත. මා ඇසුරැ කෙරෑයේ එක් කාන්තාවක් පමනි. ඇය මාගේ පෙම්වතියයි. 

                                                                                                                                                        තාරක
පිළිතුර

තාරක,
මෙය බොහෝ දුරට දිලීර ආසාදනයක් වීමට පුළුවන්. Candid-B වැනි දිලීර නාශක ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න. නිතර පිරිසිදු යට ඇදුම් ඇඳ ලිංගාශ්‍රීත පෙදෙස වියළිව තබා ගැනීමට කටයුතු කරන්න. මදක් සුව වන තුරු ලිංගිකව එකතු වීමෙන් වලකින ලෙස උපදෙස් දෙමි. මන්ද ඔබගේ සහකාරියටද මේ දිලීරය ආසාදනය විය හැකි බැවිනි. 

අලුත විවාහ වූ මට ඇති ගැටළුව

Question :

Mama viwaha wela denta sathiyak pamana wenawa. mage swamiya samaga mama thawamath lingikawa ekathu wela nehe. palamu dina rathriye ohu lingikawa ekathuwenna uthsaha deruwa. ohuge linguwa yoniyata demimedi loku wedanawak yoni pradeeshayen awa. mama ohuwa e welawe newethtuwa.. newatha wenath iriyauwakin ese ekathuwimata uthsaha gaththa e awasthawedith ee deyama sidu una.. mata meya mahath wada dena getaluwak wela thiyenne. ohu mata bena wadinawa . namuth ee denena wedanawath samaga mata lingika ekathu wimata noheki. mata meyata pilithurak labadenamen illasitinawa.
 
Gall - Chanaki

Answer :

Hithawath Chanaki,

Obata athi wee athi getaluwa alutha wiwaha wu kanthawan athara mahath wu sulaba thathwayak. Mamath mage birida samaga lingikawa ek wu dinayeda me ayurinma sidu wuna. Meya athishayenma samanya deyak. Namuth obata samajaya wisin hithata athulu kara athi adahas nisa meya dedi lesa denenawa wennata puluwan. Obage swamiya samaga sakachcha kara balanna. Nethi nam oba madak ihil weeme wyayama wala yedenna. Bawana krama ho yogasana madak puhunu karanna. Oba swamiya samaga sathutin lingika ek weemak manasin dakinna. Thawaduratath mema thathwaya pawathinawanam newaththat ma wetha getaluwa yomu karanna

අනාරක්ෂිත ලිංගික එක්වීමක්

ගැටළුව:
මා මාගේ මිතුරියක් (Girlfriend නොවේ) සමග නොසිතු ලෙස කලින් සැලසුම් නොකල අනාරක්ෂිත ලිංගික එක්වීමක් ජූනි 2 දින පෙරවරැ 1ට පමණ සිදුවූවා.මුලදීම මා හට ඇද සිටි කලිසමේම ධාතු පහවුනු අතර පසුව (විනාඩි 15-20කින් පසුව) මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.ඒ වන විට මාගේ ශිෂ්ණයේ ධාතු නොවු බව මගේ මතකය වේ.මෙසේ වැඩිවේලාවක් (විනාඩි 2-3 පමණ කාලයක් පමණ) මා යෝනි මාර්ගය තුල එය තබා නොසිටි අතර යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.
නමුත් පසුව ඇතිවුණු සැකය හේතුවෙන්  postinor 2 පාවිච්චිකලා. පළමු පෙත්ත ජූනි 2 දින (එදිනම) පෙරවරැ 10.30ට (පැය 9.30 කට පමණ පසු) ගත් අතර දෙවන පෙත්ත එදිනම පස්වරැ 10ට (පැය 11.30 කට පමණ පසු) ගත්තා.
ඇගේ ඔසප් වීම සිදුව ඇතිතේ මැයි මස 29 දිනයි.එනම් මෙම සිදුවීමට දින 3කට පෙරයි.මා ඇය සමග එක්වන දිනයේද ඔසප් වීම සිදුවෙමින් තිබුන බවට (නමුත් එහි ලේ තිබුනේ නැත) ඇය දන්වා සිටියා.
මාගේ වයස අවුරැදු 30ක් වන අතර ඇයට 27ක් වේ.මෙය මාගේ පළමු ලිංගික එකතු වීමද වේ.
01. මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?
02. ඊට පෙර මා හට කල හැකි යමක් වේද?
03. ඇයගේ මීලග ඔසප් වීම සලකා බලා postinor 2 අසාර්ථක නම්, කල හැකි වෙනත් යමක් වේද?            
කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..
නිර්නාමිකයි-2013-06-05

පිළිතුර :

හිතවත් පාඨකය,

මා දන්නා තරමින් ඔබට අන්වීක්ෂීය හැකියාවක් ඇති බවක් නැති බව පැහැදිලිය. එබැවින් ඔබ දාතු ශිෂ්ණයේ දාතු නොතිබූ බව සහතික කරන්නේ කෙසේද? දාතු යනු සුදු පැහැ දියරයම නොවේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික එක්වීම් අවධානම් බව මතක තබා ගන්න. ඔබගේ මිතුරිය හදිසි උපත් පාලන පෙති නියමිත අයුරින් භාවිත කර ඇති බව පෙනේ. එබැවින් බිය වීමක් සිදුවිය යුතු නැත. ඔසප් වීමෙන් දින 12-16ත් අතර සිදුවන ලිංගික එකතු වීම් වලින් ගැබ් ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සලකන්න.
01. නැත
02. කළ හැකි දේ දැනට ප්‍රමාණවත් වේ.
03. මීළඟ ඔසප් වීම සිදුනොවුනතින් , ඔබ දෙපළට අනේක වාරයක් උණුසුම් සුභ පැතුම්!!

වැඩි දැනුම සඳහා http://kadathura.blogspot.com/2013/04/blog-post.html ලිපිය කියවන්න.

ගැටළුව:

වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමක් සම්බන්ධව..
මා ඉහත සදහන් කල පරිදි අප එක්වන දින වන විට ඇගේ ආරම්භක ඔසප් දිනය වන (29 දින) පසුවී දින 3ක් පමණ ගතවී තිබිණි.ඒ වන විටද එය සිදුවන බව ඇය පැවසුවද අප එක්වන මොහොතේදී මා එවැන්නක් දුටුවේ නැත.පසු දිනද ඇය සනීපාරක්ෂක තුවායක් පැළද සිටිනු මා දුටුවා.
01. ඔබ සදහන් කර ඇති දින දින 12-16ත් අතර කාල සීමාවට මෙම එක්වීම හසුනොවන බව මගේ අවබෝධයයි.මෙය නිවැරදිද?(හැකිනම් කෙටි හෝ පැහැදිලි කිරීමක් කරන්න)
02. ඇගේ මීලග ඔසප් දිනය සිදුවිය යුතුතේ 26 වන දිනද?
03. මෙය කොපමණ කාලයක් ප්‍රමාද වුවහොත් ගැබ් ගැනීමක් සිදුවේ යැයි සිතිය හැකිද?
                                                                                                                          නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :

හිතවත් පාඨකය,

01. ඔබ නිවැරදියි. සාමාන්‍ය වශයෙන් ගර්භාෂ බිත්තිය බිඳ වැටී නැවත සකස් වීමට දින 12-14 අතර කාලයක් ගත වන අතර ඉන් පසුව ඩිම්බයක් පිටවීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණුවක් දින 3-5 අතර යෝනි මාර්ගය තුළ සක්‍රියව පවතියි. 

02. 26ත් 01ත් අතර සිදුවිය යුතුය.

03. ඔසප් වීම නතර වුවහොත් ගැබ් ගැනීම් පරික්ෂණයක් කරගන්න. 

ලිංගික එක් වීමේදී වේදනාව............

ගැටළුව :
 මා ලිංගිකව මාගේ සැමියා සමග එකතු වන විට මාගේ යෝනි ප්‍රදේශයේ පිච්චෙනවා සේ දැනීමක් ඇති වේ. තවද මා විවාහ වූයේ දැනට මාස කිහිපයකට පෙරදිය. මේ පිළිබද සැමියාට පවසා සිත රිදවීමටද වුවමනාවක් නැත.මා හට දරුවකු පිළිසිද ගැනීමට අවශ්‍යතාව තදින්ම පවතී. මා කියවා ඇති පරිදි ආයුර්වේදයේ මේ සදහා දින සහ පැති සදහන් කොට ඇත. මේ පිළිබද  උපදෙස් දෙන්නේ නම් වටිනේය.
කලුතරින් රශ්මි

පිළිතුර : 

අපගේ පළමු පාඨක ගැටළුව ඉදිරිපත් කිරීම ගැන රශ්මි මහත්මියට පළමුව ස්තුති වන්ත වෙමු. ඔබ‍ගේ පළමු ගැටළුවට මා පුළුල් පිළිතුරක් ලබා දෙන්නම්. මෙවැනි දැනීමක් ඇති වීමට පළමු හේතුව නම් යෝනි මාර්ගයේ ලිහිසි ස්වභාවය නැති වීමයි. මෙයට විවිධ හේතු බලපෑ හැකිය. ඔබ ලිංගිකව උත්තේජනය වීමේදි යෝනි මාර්ගයේ සැලකිය යුතු ලෙස තෙත් ස්වභාවයක් නොපවතී නම් ඔබ හට ජල පාදක ලිහිසි කාරකයක් ( Water based lubricant ) භාවිතා කළ හැක. දැනට ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනයෙන් බෙදා හරින Easy Glide  නමැති නිශ්පාදනය භාවිත කරන්න. ඔබගේ ගැටළුවේ දක්වා ඇති පරිදි ඔබ පවුල් සැලසුම් ක්‍රම භාවිතා නොකරන බවක් පෙනේ. නමුත්  කොන්ඩම භාවිතා කරන්නේ නම් ලිහිසි කාරකයක්  භාවිතා කරන්නේ නම් මෙම සංකුලතාවය මගහරවා ගත හැක. තවත් එක් හේතුවක් වනුයේ ඔබ ලිංගික එකතු වීමකට හා වේදනාවකට බයක් දැක්වීමයි. එවිට ඔබගේ යෝනියේ හා ඒ අවට මාංශපේශින් දැඩි වී ලිංගික කාර්යය අසීරු සහ අප්‍රියජනක අත්දැකීමක් වනු ඇත. ඔබ සැමියාට බොහෝ ආදරයක් ඇති බවක් හැගේ . එබැවින් මේ පිළිබද නිස්කලංකව කතා කොට මෙම සුලු  ගැටළුව විසදා ගැනීමට යොමු වන්න. 
දරු පිළිසිද ගැනීමකට අනිවාර්යයෙන්ම නිවැරදි දිනය පිළිබද අවබෝධයක් තිබිය යුතුය. ඔබගේ ඔසප් වීම නිසි ආකාරයෙන් රටාවකට සිදුවේ නම් , ඔසප් වීමට නියමිත දිනයට දින 14 කට පෙරදී ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවේ. එනම් ඔසප් වීමට නියමිත දිනයට දින 16ත් 12ත් අතර මැදදී ලිංගික එකතුවීම අනිවාර්ය වේ.
 ලිංගික එකතුවීමේදී දරු පිළිසිද ගැනීමකට සාර්ථක ඉරියව් කිහිපයක් නම් , 
  1. මිශනාරි ඉරියව්ව
  2. පිටුපසින් එකතු වීමේ  ඉරියව්ව (rear entry)
ආදිය වේ. මේ පිළිබද අපගේ පෙර ලිපි වල පළවී ඇති දෑ කියවා බලන්න.