Friday, October 24, 2014

ස්වයං වින්දනයේදී ශුක්‍රාණු විදීමක් සිදු නොවේ

ගැටළුව :    

මා අවුරුදු 22ක තරුණයෙක්මි. ස්වයං වින්දනයේදී ශුක්‍රාණු විදීමක් සිදු නොවේ. ශුක්‍රාණු පිටවීම සිදු වන්නේ ඇසකින් කදුළු බිදක් එනව වගේ සෙමිනි. කරුණාකර පිලිතුරක් ලබා දෙන්න..

නිර්නාමිකයි


පිළිතුර

හිතවත් පාඨකය,

ඇතැම් විට ශුක්‍ර තරලය විදීමද ඇතැම් විට සෙමෙන් පිටවීමටද පුළුවන. ඔබට සැකයක් ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම වඩා සුදුසු යැයි පවසමි.

Friday, October 3, 2014

පෙම්වතිය ගැබ් ගනියිද?

ගැටළුව :    

මා මාගේ Girlfriend සමග අනාරක්ෂිත ලිංගික එක්වීමක් sep 28 දින 2 pm ට පමණ සිදුවූවා.මුලදීම මා හට කොන්ඩමයේ ධාතු පහවුනු අතර පසුව විනාඩි 15-20කින් පසුව මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.මෙසේ විනාඩි 10 පමණ කාලයක් පමණ මා යෝනි මාර්ගය තබා සිටි අතර. ධාතු පිටවෙනවෙන්න තප්පර කිහිපයකට පෙර මාගේ ශිෂ්ණ නැවත එලියට ගන්න හැකි වුහ (කොන්ඩමයේ නොමැතිව) යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.


අප පෙර සුදානමට සේ postinor 2 පාවිච්චිකලා පළමු පෙත්ත sep 28 දින ලිංගික එක්වීම ට පෙර 1.30 pm පමණ පාවිච්චිකලා . 2 පෙත්ත sep 28 දින ලිංගික එක්වීම ට පසු 5 pm පමණ පාවිච්චිකලා .

දින 2 පසු ඇගේ urine සමග ලේ කැටියක් ගිය බව සදහන් කරා.
ඔසප් වීම දිනය 17 පමන වේ...

මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?

මාගේ වයස අවුරැදු 23 ක් වන අතර ඇයට 19 ක් වේ..

කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..

සංජිත්


පිළිතුර

හිතවත් පාඨකය,

ධාතු පහ වූ බවක් ඇය දැනගන්නේ කෙසේද? සුරාන්තයට පළමුව පිටවන දියරයෙහි (විශේෂයෙන් ම දෙවන වර) ශුක්‍ර තිබිය හැකි බව ඔබ නොදන්නේද? ඔබ තවමත් තරුණයි. ඇය වැඩිහිටියෙකු වූවා පමණයි. ජීවිතය පිළිබඳව ඇයට කිසිදු අත්දැකීමක් නැති බව ඔබට නොවැටහේද ? මෙයට වඩා ඔබට වගකීමක් දැරිය යුතු නොවේද? කෙසේ වෙතත් මූත්‍රා සමග ලේ පිටවීම සහ ගැබිණි බව පිළිබඳ සම්බන්ධයක් නැත. එය යම් විට මුත්‍ර ආසාදනයක් වීමටද පුළුවන. උපත් පාලන පෙති භාවිතා කළ නිසා සිත්තැවුල් ඇති කරගත යුතු නැත. කෙසේ වෙතත් මෙවන් හදිසි උපත් පාලන පෙති නිතර භාවිතයෙන් ආනාගතයේදී යම් කිසි අතුරු පළ විඳීමට සිදුවීමටද පුළුවන.

Tuesday, April 8, 2014

මට සිත් පීඩා ගෙන දෙන ගැටළුව

ගැටළුව :

මා හට මහත් සිත් පීඩා දෙන ගැටළුවක් තිබෙනවා, මා හා පෙම්වතා හමු වූ විට ඔහුගේ නිවසට ගොස් විනෝද වෙමි. එහෙත් කෙදිනකවත් ලිංගිකව එක් වී නොමැත්තෙමි. අවසන් වතාවට හමුවූ දින මම ඔහුගේ ලිඟුව මත යෝනිය තබා වාඩි වී විනෝද වුනෙමි. ලිඟුව යෝනියට ඇතුළු කළේ නැත. ඒ අවස්ථාවේදී ඔහුගේ ලිඟුවෙන් හැඟීම් ඇති වීමේදී පිටවන දියරය මඳක් පිටවී තිබුණා. ඒවා මාගේ යෝනිය අවට ගෑවුනා. යෝනියත් තෙත්ව තිබූ නිසා මා හට බියක් දැනෙනවා මා ගැබ් ගනීයිද කියලා. ඉතින් මා ගැබ් ගනියිද? එසේ නම් කුමක් කළ යුතුද?
~යෙහන්සා 

පිළිතුර :

හිතවත් පාඨකය.

ඔබ සිත් පීඩා ගැනීම නිවැරදියි. එහෙත් මෙය එතරම් සිත් පීඩා ගැනීමට හේතුවක් නොවේ. ඔබ මෙසේ විනෝද වන විට ඔබගේ ඔසප් දින සෑදී කොපමණ කළක් ගත වී තිබුණිද ? ඔහුට ඒ අවස්ථාවේදී ශුක්‍ර පිටවුණාද ? 
ඔබ උපත් පාලන ක්‍රම භාවිත කරන්නේ නම් බිය විය නොමැත. එහෙත් විනෝද වන විට ඒවායෙන් ලැබිය හැකි ප්‍රතිඵල වල වගකීමද බාර ගැනීමට තරම් ඔබ පරිණත වී සිටිය යුතුය.

ගැටළුව :

ඔසප් වීම වුනේ මාර්තු 19 වෙනිදා. මෙලෙස අපි විනෝද වුනේ මාර්තු 31 වෙනිදා. ඔහුගෙන් ධාතු විදීමක් සිදු වුනේ නෑ. සුරාන්තයට පෙර එන දියර චුට්ටක් තමයි ගෑවුනේ. මේ නිසා ගැබ් ගැනීමකට ලක් වෙයිද කියල මට බයයි. කරුණාකර මට පිළිතුරක් ලබා දෙන්න.

ප.ලි.
කන්‍යාවකට ගැබ් ගැනීමක් සිදුවීමට පුළුවන්දැයි දැනගැනීමටද අවශ්‍යයි.

පිළිතුර :

හිතවත් පාඨකය.
ශුක්‍ර පිට වූයේ නැති නම් කිසිදු අයුරකින් ඔබ ගැබ් ගැනීමකට ලක් නොවේ! කන්‍යාවකට කලාතුරකින් ගැබ් ගැනීමක් ඇති වීමට පුළුවන. (ඇත්තෙන්ම කන්‍යාවක යැයි මා අදහස් කළේ කන්‍යා පටලය සිඳ නොගත් තැනැත්තියකට පමණි)

Wednesday, February 19, 2014

ස්වයං වින්දනය අහිතකරද ?

ගැටළුව:
ස්වයං වින්දනය අහිතකරද?
නිතර ස්වයංවින්දනය කරන අයෙක් එක වරකට පිටකරන ශුක්‍ර ධාතු ප්‍රමාණය ස්වල්ප බැවින් , දරුවකු බලාපොරොත්තුවෙන් එක්වීමකදී ස්වයං වින්දනයේ නොයෙදී කාලයක් සිටීම අවශ්‍යද ?
නිර්නාමිකයි-2014-02-17

පිළිතුර :

හිතවත් පාඨකය,

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැති බව වටහා ගැනීම නුවණැති දෙයකි. එයට ස්වයංවින්දනයද අයිති වෙයි. ස්වයංවින්දනයේ කිසිදු අහිතකරතාවයක් නොමැත.

කෙසේ වෙතත් නිපදවෙන ශුක්‍රාණු දින 4කින් පසු එහි ගුණාත්මක බව අඩුවීම සිදුවන බැවින් සතියකට දින 2ක් (දවස් අතර පරතරය අවමය 2 ක්) හෝ තුනක් ලිංගිකව එක් වීම හෝ ස්වයං වින්දනය හිතකර වේ. ඔබ මේ කිසිදු ක්‍රියාකාරකමක් නොකළද ශරීරයෙන් ශුක්‍රාණු විවිධාකාරයෙන් බැහැර කරන බවත් මතක තබා ගන්න (ස්වප්න මෝචනය ආදී ලෙස)  

ඔබගේ සියලු ගැටළු වලට පිළිතුරු ලැබුණි යැයි සිතමි

Tuesday, December 31, 2013

2014 සුභ නව වසරක් වේවා!

හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.

කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.

Monday, December 30, 2013

පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතුද?

ගැටළුව:

වයස අවුරුදු 20ක් වන මාගේ ශිශ්නයෙහි පෙරසම ස්වල්පයකදු පසුපසට ගත නොහැක. එනම් ශිශ්න මුණ්ඩය දැක ගැනීමට පවා නොහැක. පෙරසමෙන් විවර වනුයේ ඉතා කුඩා සිදුරකි. මේ සඳහා සැත්කමක් කල යුතු බව වැටහේ. එම සැත්කම පිලිබඳ විස්තර බලාපොරොත්තු වෙමි.
1. හමු විය යුත්තේ කෙබඳු වෛද්‍යවරයෙකුද?
2.පෞද්ගලික රෝහලකින් සිදු කරගැනීමට සාමන්‍යයෙන් කොපමන මුදලක් වැය විය හැකිද?
3.රජයේ රෝහලකින් නම් කොපමන කාලයක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතුද?
4. සැත්කම වේදනාජනකද? වැයවන කාලය හා රෝහල්ගතව සිටිය යුතු කාලය?
5.එමගින් frenulum යන කොටස අහිමි වේද? එය විවාහ ජීවිතයට ප්‍රශ්නයක් වේද?
6. සැත්කමින් පසු තත්වය කෙබඳුද? කොපමණ කල් ප්‍රවේසම් විය යුතුද?

මේ පිලිබඳ ඔබ තුමන්ලාගේ ඉක්මන් ප්‍රතිචාරය අගය කරමි. ස්තූතියි.

ලහිරු 



පිළිතුර :
හිතවත් පාඨකය,

  1. මෙෙතක් කල් අප හට ලැබුනු පැහැදිලි ම ගැටළුව මෙයයි. ඒ පිළිබදව ඔබට ස්තුති වන්ත වෙමු. ඔබ මෞත්‍ර හා ලිංගේන්ද්‍රිය පිළිබද වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.ඔහු බොහෝ විට ඔබව ශල්‍ය වෛද්‍ය වරයකු වෙත යොමු කරනු ඇත.
  2.  නිශ්චිතව කිව නොහැක.
  3. මේ සදහා පොරොත්තු ලේඛන නොමැත. වෛද්‍යවරයාගේ නිරීක්ෂණ යෙන් පසු සැත්කම කළ හැකිය.
  4. මදක් වේදනාකාරී විය හැකිය.මෙය සුළු සැත්කමකි. පැයකට අඩුකාලයක් ගතවන අතර හිරි වැට්ටවීමක් මගින් සිදුකරයි. බොහෝ විට එදිනම නිවස බලා යා හැකිය.
  5. ඔව්. ඇතැම් විට ඉවත් කිරීමට සිදුවේ. විවාහ දිවියට බාධාවක් නොවේ.
  6. සැත්කමින් පසු ශිෂ්න මුණ්ඩයේ සංවේදීතාව මදක් අඩුව්ය හැකිය. ඔබගේ ශල්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.

Thursday, December 26, 2013

ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් !



ගැටළුව:

මාගේ ලිංගය ඉතා කුඩාය... දිගද අඩුය.. ප්‍රාණවත් වූ විට එහි දිග 4“ පමණ වේ මෙය විශාල කරගැනීමට කුමක් කළ යුතුද ?

උදාර 
පිළිතුර :

සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ ප්‍රාණවත් ලිඟුවක් අඟල් 4 සිට 6 දක්වා පමණ වේ. ඔබගේ ශිෂ්ණය සාමාන්‍ය වේ. ඇත්තෙන්ම බොහෝ දෙනෙකු ශිෂ්ණය ඉතා විශාල වේ යැයි සිතති. එහෙත් අඩියක් පමණ දිග ලිංගයක් ඇතැයි සිතන්න. ගැහැණියකගේ යෝනි මාර්ගය අඩියක් පමණ දිග ඇත්දැයි ඔබ සිතනවාද? මිත්‍යා මත වලින් වැලකෙන්න. මිතුරන් පවසන දේ හෝ කාම චිත්‍රපට වල ඇති දෑ සමග ඔබගේ ලිංගය මැනබැලීමෙන් වලකින්න. මෙවන් ලිංගයක් තිබීම ඔබට දරුවකු සෑදීමට හෝ ලිංගික කර්තව්‍යයට කිසිදු බාධාවක් නොවේ.

මෙය විශාල කරගැනීමට පෙති හෝ යම් ක්‍රම වේද නැත. බොහෝ දෙනෙකු විවිධ ක්‍රම අත්හදා බැලුවද අවසානයේදී සිදුවනුයේ ශිෂ්ණයේ ඇති ව්‍යුහය හානි වීම හෝ වෙනස් වීම පමණි.