Friday, November 15, 2013

ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?

ගැටළුව:

කරුණාකර මට කියන්න පුළුවන්ද , කොන්ඩම් නැතිව මාගේ පෙම්වතිය සමග සමග ලිංගිකව හැසිරෙන්න පුළුවන් දවස් මොනවද කියලා. ඔසප් වීම පටන් ගත් පසු කුමන දවස් වලද? 

ලක්ෂාන් 
පිළිතුර:

මෙම ගැටළුව සම්පූර්ණ නැති බැවින් මෙයට දෙයාකාරයකින් පිළිතුරු දිය හැකිය.

1. ඔබට ආරක්ෂිත ලෙස ගැබ් නොගැනීමට ලිංගිකව එකතු විය යුතු නම් ඔසප් වීමෙන් පසු පළමු දින 9 තුළදීත් , දින 15 පසුවත් ලිංගිකව එකතු විය හැක.

2. ඔසප් ඇරඹී රුධිර වහනය නතර වූ පසු ඕනෑම දිනයක කොන්ඩම් ඇතිව හෝ නැතිව ලිංගිකව එකතු විය හැකිය.

Thursday, October 24, 2013

විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය යුතුද ?

ගැටළුව : 

විවාහකයන් සතියට කොපමණ වරක් ලිංගිකිව එක් විය යුතුද ? මම සතියට වරක් පමණක් ලිංගිකව එකතු වෙමි. මෙය සාමාන්‍ය ද ?
මහේෂ් 

පිළිතුර:

මෙය අතිශයින්ම සාමාන්‍යයයි. විවාහ වූ අලුත බොහෝ දෙනා වැඩි වාර ගණනක් ලිංගිකව එකතු වෙති. එහෙත් පරිණත වත්ම සතියට එක් වරක සිට තෙවරක් දක්වා ලිංගිකව එකතු වෙති. මෙය ශාරීරිකව මානසිකව මෙන්ම ලිංගිකවද සෞඛ්‍ය සම්පන්න ප්‍රමාණයකි. ඇතැම් අය මෙයට වඩා අඩු හෝ වැඩි වශයෙන් එකතු වීම් කරති. ඔබ ඔබගේ  ලිංගිකව එකතු වන ප්‍රමාණය වැඩි කිරීමට සිතනවා නම් සහකාරිය සමග සාකච්ඡා කොට එකඟතාවකට පැමි‍ණෙන ලෙස යෝජනා කරමි.

Wednesday, October 23, 2013

සමලිංගික හැගීම් නිසා විවාහ ජීවිතයට බාධාවක් ෙවයිද ?

ගැටළුව:

සමලිංගික හැගීම් නිසා විවාහ ජීවිතයට බාධාවක් ෙවයිද ? ඒම අාශාවන් නැති කළ හැකිද?

අසන්ෙනක්
 
 
පිළිතුර
 
සම ලිංගික හැඟිම් තිබීම විවාහ ජීවිතයට බාධාවක් ෙනාෙව්. අැතැම් විට ඒම අාශාවන් අැති වීම ස්වභාවික ෙදයකි. නමුත් ඔබ විවාහක නම් සමලිංගිකව හැසිරීම විවාහ ජීවිතයට සෘජුවම බලපායි. ඔබට ඒවා පාලනය කර ගත හැකිය. තම සිතුවිලි පිළිබදව අවධීෙයන් සිටින්න.


Friday, October 4, 2013

ක්ෂණික මෝචනය නිසා සිත් තැවුලක්....

ගැටළුව:

mama kshanika mochanaya nisa kalakireemen sitimi. mata mathaka kudaa kaalaye sitama swayan windanayedi itha ikmanin shukranu pita wei. den wiwaha wee sitimi. lingika ekathu weemakadi, swayan windanayatath wada ikmanin shukranu pitawei. birida sathutu kireemata in pasuwath karana namuth mata eya wedanawaki. lingaya athul kara winadi deka thunakata wada sitiya noheka. pilithurak balaporoththu wemi
මහේෂ් 

පිළිතුර:

හිතවත් පාඨකය ,

ස්වයං වින්දනය යෙදීම සහ ක්ෂණික මෝචනය අතර කිසිඳු සබඳතාවක් නැති බව කාරුණිකව අවධාරණය කරමි.
මෙහිදී ඇත්තෙන්ම ක්ෂණික මෝචනය යන්න කාලයෙන් මිනිය නොහැකි අතර ඇත්තෙන්ම තමාගේ සහකාරිය සුරාන්තයට පත් වීමට ආසන්නයේ හෝ සුරාන්තයට පත්වීමට පළමුව සුරාන්තයට පත්වීම ලෙස අරුත් දක්වයි.
ඇත්තෙන්ම මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය විනාඩි 2 සිට 10 දක්වා වෙනස් විය හැකි අතර කාන්තාවන්ගේ සුරාන්තය මෙයට වඩා දිගු වේලාවක් පවතී.
ඔබගේ ශිෂ්නය පමණක් ඇතුළු කිරීමෙන් සහකාරිය සන්තර්පනය කරන්නේ නම් මෙය සත්‍යය විය හැකිය. එම නිසා තම සහකාරිය සමග පෙර මෛථුන්‍ය (foreplay) ක්‍රියාවන්හි යෙදී ඇයව වරක් වත් සුරාන්තයට කැඳවාගෙන
යාමෙන් ඔබගේ ගැටළුවට මහත් වූ සහනයක් ලැබෙනු ඇත. තවද දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් දිගින් දිගටම ශිෂ්නය ඇතුළු නොකර මදක් නවත්වා , හාදු දී මදක් හිද නැවත ආරම්භ කිරීම හෝ දැනට භාවිත කරන ඉරියව්ව වෙනස් කිරීම හෝ කළ හැකිය.
මාගේ අනෙකුත් ලිපිද කියවා බලන්න. ඔබගේ තත්ත්වය ස්වභාවික වන අතර එහි ක්ෂණික මෝචන තත්තවයක් මා හට දුට නොහැකිය. මදක් ඉවසිලිමත් වන්න.෴

Friday, September 27, 2013

ස්වයං වින්දනය නිසා දණහිස් වේදනාවක් .........

ගැටළුව :

මම දිනකට වරක් හෝ දෙවරක් ස්වයං වින්දනයේ යෙදේ  ලගකදී සිට මගේ දණහිස් වෙදනාවක්  ඇතිවේ එය ඇති වෙන්නේ ස්වයං වින්දනයේ යෙදෙන විටය .. මෙයට හේතුව ස්වයන් වින්දනයේ දීමද ..  ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නෙමු .
නිපුන් 

පිළිතුර :
මෙය විය හැකි හේතුවකි. බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මෙය සනාථ කර නැති නමුත් පෙරදිග වෛද්‍ය විද්‍යාවේදී තමාගේ ලිංගික ශක්තිය නිකරුණේ නාස්තිය මෙවන් සංකූලතා වලට පාර කපයි. මෙම පුරුද්ද අත හැර ගැනීමට කටයුතු යොදන්නේ නම් මැනවි. මද කලක් ස්වයං වින්දනෙය් යෙදීමෙන් වැලකී බලන්න. මෙම සංකූලතා පහව යයි නම් ස්වයං වින්දනය නිසැක ම හේතුව විය හැකිය. මදක් බණ භාවනා වලටද සිත යොමු කරන්න.

ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා

ගැටළුව :
 ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා(තෙල් බින්දු වගේ ඒව) ගැවුනත් ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්ද?
ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම සාර්තකද. සරු කාළය මග ඇරල ? 
පසන් 

පිළිතුර : 

නැත. ඇත්තෙන්මමේවා ලිහිසිකාරක‍ වේ. ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම ඒතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.

ගැටළුව :

පිළිතුරු ඉක්මනින් ලබා දීමට ගොඩක් ස්තුතියි. අසාරතක ඇයි.පිරිමින්ටත් ලිහිසිකරක පිට වෙනවද. කොන්ඩම් හැර වෙනත් විකලපයක් නැද්ද. මගේ පෙම්වතියට නිකන් දානව වගේ සතුටක් නැතිලු කොන්ඩම් දැමීමෙන් :( 
පසන් 

පිළිතුර : 

අසාර්ථක වනුයේ ඔබට බොහෝ විට ශුක්‍ර පිටවීම පාලනය නොකළ හැකි බැවිනි. ඔබට පළමු සුරාන්තයට පෙර ශිෂ්නය පිටතට ගත හැකි නම් ගැබ් ගැනීමේ අවදානම අඩු කර ගත හැකිය .තවද , ඔව් පිරිමින්ගේද මෙවන් ලිහිසි කාරක පිට වේ. මෙහි මුඛ්‍ය අරමුණ වනුයේ මුත්‍ර මගින් ඇතිවන්නා වූ අම්ල ගතිය අඩුකර දැමීමයි. ඔබ දරුවකු බලාපොරොත්තු නොවන්නේ නම් අමතර ආරක්ෂක පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතයට උපදෙස් දෙමි.

Tuesday, July 9, 2013

මාගේ පෙම්වතිය ගැබ් ගනියිද ?

ගැටළුව:

මම මගේ පෙම්වතිය සමඟ ලිංගික වින්දනයක යෙදුනි.නමුත් මගේ ශිෂ්නය යොනිය තුලට ඇතුල් නොකෙරෙමි නමුත් එහි ඇතුල්ලුවා.මට ඇති ප්‍රශ්නය මෙයයි මෙමගින් ගැබ් ගැනීමක් ඇති විය හැකිද

එසේ ඇතුල්ලුවට කමක් නැද්ද
කිසිම උපත් පාලන ක්‍රමයක් බාවිතා කලේ නෑ

෴සමන්෴
පිළිතුර :


හිතවත් පාඨකය ,
ඔබ මෙම ප්‍රශ්නය ඇසීම ගැන බොහෝ ස්තුති වන්ත වෙනව. ඔබ පෙම්වතිය සමග ලිංගිකව හැසිරුනේ පළමු වතාවටද? ඔබට ධාතු පහවුනිද? මෙම ප්‍රශ්න වලට කඩිනමින් පිළිතුරු ලබා දුන හොත් මා ඔබට පිහිට වන්නම්.

ගැටළුව 2 කොටස :
මම යොනි විවරය තුලට ශිෂ්ණය ඇතුල් කර නොමැත.පසුව ඇය අතින් පිරිමැද ධාතු වෙනත් තැනකට පිට කලා 

පිළිතුර :

හිතවත් පාඨකය , 
බිය විය යුතු නැත. නමුත් ඇතිල්ලීමට පෙර ධාතු පිටවූයේ නැති නම් ඔබගේ පෙම්වතිය ගැබ් ගැනීමට කිසිදු හේතුවක් නැත. අනියත බියක් නොගන්න.නමුත් මෙයට වඩා මඳක් වගකීමෙන් ක්‍රියාකාරකම් කිරීමට උපදෙස් දෙමි.