Thursday, June 13, 2013

අනාරක්ෂිත ලිංගික එක්වීමක්

ගැටළුව:
මා මාගේ මිතුරියක් (Girlfriend නොවේ) සමග නොසිතු ලෙස කලින් සැලසුම් නොකල අනාරක්ෂිත ලිංගික එක්වීමක් ජූනි 2 දින පෙරවරැ 1ට පමණ සිදුවූවා.මුලදීම මා හට ඇද සිටි කලිසමේම ධාතු පහවුනු අතර පසුව (විනාඩි 15-20කින් පසුව) මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.ඒ වන විට මාගේ ශිෂ්ණයේ ධාතු නොවු බව මගේ මතකය වේ.මෙසේ වැඩිවේලාවක් (විනාඩි 2-3 පමණ කාලයක් පමණ) මා යෝනි මාර්ගය තුල එය තබා නොසිටි අතර යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.
නමුත් පසුව ඇතිවුණු සැකය හේතුවෙන්  postinor 2 පාවිච්චිකලා. පළමු පෙත්ත ජූනි 2 දින (එදිනම) පෙරවරැ 10.30ට (පැය 9.30 කට පමණ පසු) ගත් අතර දෙවන පෙත්ත එදිනම පස්වරැ 10ට (පැය 11.30 කට පමණ පසු) ගත්තා.
ඇගේ ඔසප් වීම සිදුව ඇතිතේ මැයි මස 29 දිනයි.එනම් මෙම සිදුවීමට දින 3කට පෙරයි.මා ඇය සමග එක්වන දිනයේද ඔසප් වීම සිදුවෙමින් තිබුන බවට (නමුත් එහි ලේ තිබුනේ නැත) ඇය දන්වා සිටියා.
මාගේ වයස අවුරැදු 30ක් වන අතර ඇයට 27ක් වේ.මෙය මාගේ පළමු ලිංගික එකතු වීමද වේ.
01. මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?
02. ඊට පෙර මා හට කල හැකි යමක් වේද?
03. ඇයගේ මීලග ඔසප් වීම සලකා බලා postinor 2 අසාර්ථක නම්, කල හැකි වෙනත් යමක් වේද?            
කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..
නිර්නාමිකයි-2013-06-05

පිළිතුර :

හිතවත් පාඨකය,

මා දන්නා තරමින් ඔබට අන්වීක්ෂීය හැකියාවක් ඇති බවක් නැති බව පැහැදිලිය. එබැවින් ඔබ දාතු ශිෂ්ණයේ දාතු නොතිබූ බව සහතික කරන්නේ කෙසේද? දාතු යනු සුදු පැහැ දියරයම නොවේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික එක්වීම් අවධානම් බව මතක තබා ගන්න. ඔබගේ මිතුරිය හදිසි උපත් පාලන පෙති නියමිත අයුරින් භාවිත කර ඇති බව පෙනේ. එබැවින් බිය වීමක් සිදුවිය යුතු නැත. ඔසප් වීමෙන් දින 12-16ත් අතර සිදුවන ලිංගික එකතු වීම් වලින් ගැබ් ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සලකන්න.
01. නැත
02. කළ හැකි දේ දැනට ප්‍රමාණවත් වේ.
03. මීළඟ ඔසප් වීම සිදුනොවුනතින් , ඔබ දෙපළට අනේක වාරයක් උණුසුම් සුභ පැතුම්!!

වැඩි දැනුම සඳහා http://kadathura.blogspot.com/2013/04/blog-post.html ලිපිය කියවන්න.

ගැටළුව:

වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමක් සම්බන්ධව..
මා ඉහත සදහන් කල පරිදි අප එක්වන දින වන විට ඇගේ ආරම්භක ඔසප් දිනය වන (29 දින) පසුවී දින 3ක් පමණ ගතවී තිබිණි.ඒ වන විටද එය සිදුවන බව ඇය පැවසුවද අප එක්වන මොහොතේදී මා එවැන්නක් දුටුවේ නැත.පසු දිනද ඇය සනීපාරක්ෂක තුවායක් පැළද සිටිනු මා දුටුවා.
01. ඔබ සදහන් කර ඇති දින දින 12-16ත් අතර කාල සීමාවට මෙම එක්වීම හසුනොවන බව මගේ අවබෝධයයි.මෙය නිවැරදිද?(හැකිනම් කෙටි හෝ පැහැදිලි කිරීමක් කරන්න)
02. ඇගේ මීලග ඔසප් දිනය සිදුවිය යුතුතේ 26 වන දිනද?
03. මෙය කොපමණ කාලයක් ප්‍රමාද වුවහොත් ගැබ් ගැනීමක් සිදුවේ යැයි සිතිය හැකිද?
                                                                                                                          නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :

හිතවත් පාඨකය,

01. ඔබ නිවැරදියි. සාමාන්‍ය වශයෙන් ගර්භාෂ බිත්තිය බිඳ වැටී නැවත සකස් වීමට දින 12-14 අතර කාලයක් ගත වන අතර ඉන් පසුව ඩිම්බයක් පිටවීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණුවක් දින 3-5 අතර යෝනි මාර්ගය තුළ සක්‍රියව පවතියි. 

02. 26ත් 01ත් අතර සිදුවිය යුතුය.

03. ඔසප් වීම නතර වුවහොත් ගැබ් ගැනීම් පරික්ෂණයක් කරගන්න. 

11 comments:

  1. Mage vayas 22 mge wifege vayasa 20 api badala aurudu1 1/2 venava ath apata thama daruvo na doctor.wife dan masa 5vithara mensas uneth na.mita kalin vathavakath mehema vela api chech karala baluva.ath aka negative.ita passe vog kenekta pennuva mensas uneth na kiyala..ayamasayak beheth bonna dunna..ita passe mensas unata ayema api lingikava akathu unma mge wife mensas uneth na pregnat uneth na.e ai kiyala mata doctorgen danaganna puluwanda.api dafuwan balaporoththuvenui sitinne.mekata piliyamak denna doctor

    ReplyDelete
    Replies
    1. මෙයට අප හට පිළිතුරු ලබා දීමට අපහසුයි. ඔබගේ වෛද්‍යවරයාගේ නිර්ණායක වූයේ මොනවාද? ඔබ වෛකල්පිත ඔෟෂධ වලට යන්නේ නම් අනුරාධපුර ගුණවර්ධන වෙද මහත්මයා හමුවන්න

      Delete
  2. Apita doctor kiuve wifege agae thel vadi handa mehema una kiyala...kramayen thel adu veddi hari yi kiuva

    ReplyDelete
    Replies
    1. ඔබගේ බිරිඳ ස්ථුල යැයි ඔබ පැවසූයේ නැහැ. ඔබගේ වෛද්‍යවරයාගේ නිගමනය නිවැරදි විය හැකිය. නියමාකාර ව්‍යායාම කිරීම මගින් මේ දේවල් මග හරවා ගත හැකිය.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. Mn mage wife samaga aya osap wee dina 7 kata pasuwa lingikawa ekathu una. In pasuwa niyamitha paridi postinor pawichchi kala. Ayata in dina 4 kata pasuwa nawatha mensas haduna. Dan me siduweema wela dawas 20 k pana wenawa. Dan aya hise kakkuma,kalanthe,appiriyawa wani roga lakshana athi bawa pawasanawa. Mewani awasthawaka gab ganeeme awadanamak thibeda

    ReplyDelete
  5. මෙය පොස්ටිනෝර් හි අතුරුප්‍රතිපල විය හැකි බවට අනුමාන කළ හැකියි

    ReplyDelete
  6. මම මගේ බිරිඳ සමග ඇයගේ ඕසප් දිනය නිම වී දින 3කට පසු ගුද සන්සර්ගයක යෙදුනා....පසුව මට දාතු පිට වුන අතර ඒවා එලියේදී පිටවිය ...නමුත් මිනිතුතුදෙකකට විතර පසු මම යෝනියට ඇගිල්ල ඇතුලු කලා.......මගේ අතේ දාතු දැවටී තීබුනද කියලා මට සැකයක් තියනවා.......ඇය මීට කලින් කිසිම් දිනක සන්සර්ගයක් නොකල කන්‍යාවියක්..තවමත්...ගුද සන්සර්ගයක් ඇරෙන්න දෙයක් සිදු කල නැත...එම සිදුවීම සිදුවී මිනිත්තු 45කට පමන පසුව....postinor 2 පලමු පෙත්ත ලබාගත් අතර.....දෙවන පෙත්ත..පැය 12 කට පසු නිසි වෙලාවට ලබා ගත්තා....නමුත්
    1.හිතේ බියක් පහල වී තිබෙනවා ඇය ගැබ් ගෙන තිබේද යන්න.....මෙවැනි අවස්තාවක ගැබ් ගැනීමක් සිදුවිය හැකිද යන්න කෙටියෙන් හෝ බැහැදිලි කරලා කියන්න..

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කාරී ගැටළුවකි. ඇය බිරිඳ නම් තවම කන්‍යාවියක් වූයේ කෙසේද?

      ගැබ් ගැනීමක් විය නොහැකිය

      Delete
  7. මා අව්රුදු 20ක තරුනයෙක්මි. මාගෙ ශිශ්නයේ පෙරසම පිටිපසට ගැනීමෙ අපහසුතාවයක් ඇත. එය phimosis තත්තවය්ක් ලෙස දැනටමත් මා දන්නා කරුනකි. ශිශ්නය ප්‍රානවත් වූ විට පෙර සම පිටුපසට කිරීමට අපහසු වූවත් ප්‍රානවත් නොමැති විට පිටුපසට කල හැකිවේ (සුලු වෑයමක් දාරා, වේදනාවක් දැනෙන්නෙ නැත) නමුත් එම පෙරහම ශිශ්න මුන්ඩයේ අග මුද්දක් ආකාරයෙන් පිහිටයි. මා දවසක් ප්‍රානවත් වීමට පෙර මුන්ඩය පිටතට ගෙන ප්‍රානවත් කර ස්ව්‍යන් වින්දනය කිරීමට පටන් ගත් නමුදු ධාතු පිටවූයෙ නැත. වේදනාවක්ද දැනුනි. මෙයට පිලියක සුන්නය්හ් කිරීමද? මුලු පෙර සමම අයින් කිරීමට සිදු වේද? හොද පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  8. මා හට පසුගිය 12 වන දින මාසික ඔසප් වීම සිදුවූ අතර එය දවස් 4 ක් පැවති අතර එය නතර වු දිනයෙ සිට දින 3ක් පමණ ලිංගිකව එකතු වූවා ඉන් පසු අද දක්වා ම එකතු වූයෙ නෑ ඔසප් වූ දින සිට දින 41 වී ඇත තවම මෙමස ඔසප් වීම සිදුවූයේ නෑ මෙය ගැබ් ගැනීමක් සිදු විය හැකි ද

    ReplyDelete