Monday, February 16, 2015

ක්ෂණික මෝචනයද ? (දිගු සාකච්ඡාවක්)

ගැටළුව:

මා වයස අවුරැදු 25 ක් වූ විවාහක තරැණයෙක් වෙමි. මා හට දැනට පවතින ක්ෂණික මෝචන තත්වය හේතුවෙන් මා ලිංගිකව එක්වීමේදී Delay Spray සහ Delay Condom වර්ග භාවිතා කරමි. 

1. මෙම Delay Spray සහ Delay Condom වර්ග භාවිතා කිරීම මගින් කල් ගතවීමත් සමග මට සහ මගේ බිරි‍දට අතුරැ ආබාධ ඇතිවිය හැකිද ඒ මොනවාද?
2. මෙමගින් අපට අවශ්‍ය වූ විටක දරැ ඵල ලබා ගැනීමට යම් බාධාවක් ඇතිවිය හැකිද?

විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙමි. 
නිර්නාමිකයි
කඩතුරාව:
ඔබ ක්ෂණික මෝචන තත්ත්වය යැයි හඳුන්වන්නේ කුමක්ද? වෛද්‍යවරයෙකු විසින් එය සහතික කරන ලදීද? මෙයට ඔබ පිළිතුරක් ලබා දුන හොත් මා හට ඔබට සහය වීමට පුළුවන.

පාඨකයා:

මගේ ගැටළු පිළිබඳ අවධානය යොමු කිරීම පිළිබඳ ඔබට ස්තුති වන්ත වෙමි. මට ක්ෂණික මෝචනය ඇති බව වෛද්‍යවරයෙකු විසින් සහතික කර නැත. නමුත් ලිංගිකව එක් වී විනාඩියක් වැනි කෙටි කාලයකදී ශුක්‍රාණු පිටවෙනවා! විනාඩියකට වඩා කිසිම වේලාවක එකතු වෙන්න බෑ. මාගේ පෙර පැනයන්ට පිළිතුරු ලබා දෙන්න. 

කඩතුරාව:
  • මෙම ඖෂධ වර්ග සම මත ආලේප කරන ස්ථානීය හිරිවැටීම් හෝ සංවේදනා අඩුකරන ආලේපන වේ. දැනට අතුරු ආබාධ නැතත් මේ ඖෂධ වර්ගවල අන්තර්ගතයෙහි ආසාත්මිකතා ඇතැම් අයට ඇති වීමට පුළුවන.
  • නැත.
ඔබ කොපමණ කලකට වරක් ලිංගිකව එකතු වෙනවාද? 

ඔබ ස්වයං වින්දනයේ යෙදීමට පුරුදුව සිටියානම් හෝ සිටිනව නම් ඔබට සුරාන්තයක් ලැබීමට කොපමණ කල් ගත වේද?


පාඨකයා :
මම මාසයකට වරක් ලිංගිකව එකතු වෙනවා. මගේ රැකියාවේ මාසකයට වරක් නිවාඩු ලැබෙන අතර එය දින පහක්(05). එම දින පහේදී මා ලිංගිකව එකතු වෙනවා. 

මම දැනට ස්වයං වින්දනයේ යෙදෙනවා. ස්වයං වින්දනයේදී විනාඩියකදී පමණ පිටවනවා!

කඩතුරාව:

පිළිතුර ලෙස PC මාංශපේශිය ව්‍යායාම කිරීමෙන් සුරාන්තය පාලනය කිරීමක් කළහැකිය. kadathura.info වෙබ් අඩවියේ මේ පිළිබඳ ලිපියක් ඇති. කියවා බලන්න.

ප.ලි : මාසයකට වරක් ලිිංගිකව එක්වීමේදී ඇති වන සංවේදනා වැඩි බැවින් මෙසේ ක්ෂණිකව මෝචනය වීමද ස්වභාවික තත්ත්වයකි. 

පාඨකයා :

මාංශපේශිය ව්‍යායාම කිරීමෙන් සුරාන්තය පාලනය කිරීමක් කල හැකි බව ඔබ විසින් මා වෙත දන්වා ඇතත් එය සිදු කරන ආකාරය පිළිබදව kadathura.info වෙබ් අඩවියේ සදහන් ලිපිය මා හට සොයා ගැනීමට නොහැකි විය. මේ සදහා මම ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමි.

කඩතුරාව:

මාගේ ලිපියෙහි මේ ව්‍යායාම පිළිබඳව සවිස්තරව ඇත. http://kadathura.info/

පාඨකයා :

මාගේ ගැටළු වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වෙන්කර කඩිනමින් පිළිතුරැ ලබා දීම පිළිබදව මා ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ ලබා දුන් පිළිතුරැ වලින් මා සෑහීමකට පත්වන අතර බොහොමයක් ලිංගික ගැටළු අප සිතින් මවා ගත් ඒවා බව අවබෝධ කර ගතිමි.


විනාඩි 2 ක් වැනි කෙටි කාලයකදී සුරාන්තයට පත්වීමේ ගැටළුවට පිළියමක් ලෙස මා විසින් අත්හදා බලන ලද තවත් එක් පිළියමක් ඇත. මෙය ඔබගේ අවධානය සදහා යොමු කරමි.


පලමු ලිංගික එක්වීමේදී විනාඩි 2 ක් වැනි කෙටි කාලයකදී සුරාන්තයට පත් වුවද, සුරාන්තයට පත් වී විනාඩි 5 කින් පමණ පසු නැවත ලිංගිකව එක්වීමේදී වැඩි වේලාවක් එම කාර්යයේ යෙදිය හැකිය.

No comments:

Post a Comment